සටහන – රුවන් නෙළුගොල්ල
මෙරට ප්‍රධානතම පෞද්ගලික විගණන සමාගමක සේවය කරන අතරතුර ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයකු වශයෙන් ද කටයුතු කිරීම ළබැඳියාවන් අතර ගැටුමකැයි කෙනෙකුට පැවසිය හැකි වුවත් තමන් රජයෙන් ලබාගන්නා තොරතුර කිසිසේත්ම පෞද්ගලික අංශයට ලබාදීමක් සිදුනොකරන බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහතා පවසයි.
ප්‍රශ්නය – ඔබ අර්නස්ට් ඇන්ඩ් යං (Ernst & Young – Sri Lanka) ආයතනයේ 1991 ඉඳන් අද දක්වාම සේවය කරනවා. ඔබ ඒ විදියට ඒ ආයතනයේ සේවය කරන ගමන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට රටේ ආර්ථිකය පිළිබඳව ජ්‍යේෂ්ඨ උපදේශකයෙක් වීම ළබැඳියාවන් අතර ගැටුමක් කියලා ඔබ පිළිගන්නේ නැද්ද ?
“නෑ. මම පිළිගන්නේ නෑ. මොකද මම දැක්කා හුඟක් කට්ටිය ඔය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවෙයි පිටයි කතා කරනවා. අපි කොන්ෆ්ලික්ට් එකක් එන්න පුළුවන් තැන බලන්න එපැයි කොහොමද කියලා. දැන් යමෙක් කියනවා නම් මට තියෙන තොරතුරු පාවිච්චි කියලා මම ඒක දෙනවායි කියලා අපේ ක්ලයන්ට්ස්ලාට. ඒකනෙ වෙන්න පුළුවන්. අපි තමයි ලංකාවේ තියෙන විශාලතම විගණන ආයතනය. අපි ලංකාවේ ලොකුම විගණන ආයතනයට ආවෙ පහුගිය අවුරුදු දෙකේ විතරක් නෙවෙයිනෙ. මේ විගණන ආයතනය ලංකාවේ පටන් අරන් අවුරුදු 120 යි. අපි 2000 කට රැකි රක්ෂා දීලා ලංකාවේ ප්‍රධානතම විගණන ආයතනය බවට පත්වෙන්න මේ අවුරුදු දෙකේ නෙවෙයි කළේ. ඒක එකක්. ප්‍රශ්නයට උත්තර දෙනවා නම්, මම IMF එකේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන එක, 15%, ඔය 150, ඔය ඔක්කොම කරන එක අපේ ඔෆිස් එකටවත් මම කිව්වෙ නැහැ. අපේ ක්ලයන්ට්ස්ලා කෙසේවෙතත් මගේ ස්ටාෆ් එකවත් දැනගෙන හිටියේ නැහැ ජනාධිපතිතුමා දෙසැම්බර් 06 පාර්ලිමේන්තුවේදී නිවේදනය කරනකල් මෙහෙම තමයි අපි බදු සීමාව වැඩි කළේ කියලා”
ප්‍රශ්නය – Conflict of interest කියන එක පුද්ගලවාදී නෑනෙ. සාමාන්‍යයෙන් ඔබ ඒ සද්භාවයන් ඔබ ඒක කිව්වෙ නෑ කියලා අපි විශ්වාස කරමුකො. හැබැයි ඔබ කියනවා නම් ඔබට කියන්න හැකියාව තියෙනවා. ඒකට තමයි ළබැඳියාවන් අතර ගැටුම කියන්නෙ ….
“නෑ …. මම ජනාධිපති උපදේශක වෙන්න ඕනෙ නෑ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් එකක් ඇතිවෙන්න. එතන කොන්ෆ්ලික්ට් එකක් එන්නෙ ආණ්ඩුවයි ආයතනයයි පරස්පර අවස්ථාවක් ආවොතින් මම කොයි පැත්තද ගන්නෙ කියන එක. ඒකනෙ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් කියන්නෙ. මගේ ඉන්ටරස්ට් එකක් තියෙනවා ජනාධිපතිතුමා සහ රජයට, ඒ අතරේ එනවා මගේ ක්ලයන්ට් කෙනෙක්ගෙ ඉන්ටරස්ට් එකක්. එතකොට මම මුල් තැන දෙන්නේ මොකේටද කියන එකනෙ”
ප්‍රශ්නය – මම මේ විදියට අහන්නම්කො ප්‍රශ්නය. ඔබ ඉස්සෙල්ලා කිව්වා මුදල් අමාත්‍යාංශයෙන් ඔබට අවශ්‍ය වෙලාවට දත්ත ලබාගන්න හැකියාව තියෙනවා කියලා. ඒ නිසා ඔබට ඕනෑම අවස්ථාවක අපට වඩා පහසුවෙන් රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳ දත්ත එක් රැස් කරගැනීමේ හැකියාව තියෙනවා. දෙවැනියට රටේ විධායකයට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගමන් මග මේකයි කියලා උපදෙස් දෙන්න බලය තියෙන ඔබට, ආණ්ඩුව කුමන දෙයක් කුමන කාලයක කුමන ආකාරයෙන් කරයිද කියන කාරණාව ගැන විශාල අවබෝධයක් තියෙනවා. එතකොට ඔබ එවැනි බලයක් දරන ගමන් EY කියන ජාත්‍යන්තර විගණන ආයතනයේ සේවය කරද්දී අනිවාර්යයෙන්ම ඒ ඔබ සතු අවබෝධය ඒ ආයතනයේ ප්‍රගමනයටත් ඔබට යොදාගන්න පුළුවන්. ඒවා වෙන ආයතනවලට තියෙන වාසියක් නෙවෙයි, ඔබට පමණක් තියෙන වාසියක්. ඔබ හිතන්නෙ නැද්ද එතන කොන්ෆ්ලික්ට් එකක් තියෙනවා කියලා ?
“නෑ. සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් මෙයා මෙතන වැඩ කරන ගමන්, මෙතන මෙයාට තොරතුරු ඔක්කොම තියෙනවා, එතකොට එහෙම කොන්ෆ්ලික්ට් එකක් තියෙනකොට මම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එපැයි ….”
ප්‍රශ්නය – දැන් ඔබට සාමාන්‍යයෙන් සේවාදායකයෙකුට උපදෙස් ලබාදෙන්න පුළුවන් ඉදිරියේදී බදු ප්‍රතිපත්තිය මෙලෙස වෙනස් විය හැකියි, ඒ නිසා ඔබ මෙලෙස ආයෝජනය කරන්න කියලා ….?
“එහෙම එකක් මමවත් EY එකෙන්වත් කරලා නෑ”
ප්‍රශ්නය – ඒ කියන්නෙ අපට ඔබේ වචනය විශ්වාස කරන්න වෙනවා ?
“අනිවාර්යයෙන්ම. එතනින් එහා මට කියන්න දෙයක් නෑ. කොන්ෆ්ලික්ට් එකක් තියෙනවා කියලා පිටින් එක්කෙනෙකුට කියන්න පුළුවන්, ඒක සාධාරණයි, මම නෑ කියන්නෙ නෑ. ඒ වුණාට බලන්න ඕනෙ ඇත්තට එහෙම වුණාද කියන එකනෙ. මම සමහර අවස්ථාවලදී දීලා තියෙන උපදෙස්වලට අවාසිය එන්නෙ අපේ ක්ලයන්ට්ස්ලාට. උදාහරණයකට කිව්වොත් අපි දැන් අපනයන සේවා 15%. අපි තිහ පහළොව කෙරෙව්වා. දැන් ඔය කට්ටිය කියනවා නේ 0% තියෙන්න ඕනෙ කියලා ඒක. එහෙම නම් අපේ ඉන්නවා ඕනෙ තරම් ක්ලයන්ට්ස්ලා අද වෙනකල් ටැක්ස් ගෙවන්නෑ. අපි ඉතින් ඒක 15% කරැව්වානෙ. අපි ඔවුන් අතෑරලා කරේ නෑනෙ 15% කරන එක. මට කියන්න පුළුවන් මගේ වචනය විතරයි කියන්න පුළුවන්. මොකද කොන්ෆ්ලික්ට් එකක් තියෙනවා කියලා වෙන කෙනෙකුට කියන්න පුළුවන්. සමහර කට්ටිය කියන හැටියට මේ තනතුර පාවිච්චි කරලා තමන්ගෙ වාසිය හදාගන්න පුළුවන්. මම නෑ කියන්නෙ නෑ. නමුත් මම හැමදාමත් ආණ්ඩුව තමයි ඉස්සරහට දාන්නෙ. ඒ කියන්නෙ මෙතන තියෙන තොරතුරක් මම එළියට දාන්නෙ නෑ. ඔහොම කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ට් කියනවා නම් පුද්ගලික අංශයේ කවුරුවත්ම ගන්න වෙන්නෙ නෑ. පුද්ගලික අංශයේ කවුරුත් තමන්ගෙ රස්සාව දාලා එන්නෙ නෑ රජයට උදව් කරන්න. මම මේක ස්වේච්ඡාවෙන් කරන්නෙ, මම මුදල් අය කරන්නෙ නෑ, මම නිකම් කරන්නෙ. මගේ කාලය 60% – 70% ක් මම මේකට යොදවන්නෙ. එතකොට රජයේ සේවයට පුද්ගලික අංශයෙන් දායකත්වය ලබාගන්න හම්බවෙන්නෙ නෑ කීයටවත්. මොකද කවුරුත් තමන්ගෙ බිස්නස් එකවත් තමන්ගෙ රස්සාවවත් දාලා රජයේ සේවයට වැඩකරන්න එන්නෙ නැහැනෙ. අපි දන්නවා රජයේ සේවයේ වැටුප් කීයද ගෙවන්නෙ ? ඉතින් මං හිතන්නෙ නෑ කවුරුත් එහෙම ඒක දාලා එන්න පුළුවන් තත්වයකට එන්න පුළුවන් කියලා. ඒක පිටට පේන්න පුළුවන් කොන්ෆ්ලික්ට් එකක් හැටියට, නමුත් මම දකින්නෙ ඒක තමුන් අතේ තමයි තියෙන්නෙ. තමුන් හරිදෙයක් කරනවාද වැරදි දෙයක් කරනවාද කියන එක තමුන්ට තමයි කියන්න පුළුවන් වෙන්නෙ”
ප්‍රශ්නය – EY එක ගත්තොත් අපි, ළබැඳියාවන් අතර ගැටුමක් තියෙනවා කියලා කවුරුහරි දිගින් දිගටම කියනවා නම් ඔබ ජාතික කර්තව්‍යයකට, ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීම සම්බන්ධයෙන්, ඔබ මොකක්ද ගන්න තීරණය ?
“එහෙම තීරණයක් ගන්නවා නම් මට රජයේ පැත්ත තමයි ගන්න වෙන්නෙ, මම ඒකට බැඳිලා ඉන්නෙ. මම මේක කරනවායි කියලා, ජනාධිපතිතුමාට මම උදව් කරනවායි කියලා මම ආවා. මට දැන් ආයෙ පස්සට යන්න බෑ ඒකෙ”
ප්‍රශ්නය – හැබැයි මම එතැනදීම අහනවා ආයෙත්, මොකද පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය සාකච්ඡාවලදී ඔබට සහ ඔබ නියෝජනය කරන ආයතනයට එල්ල කරපු චෝදනාවක් තිබුණා. සතොස ආයතනයේ ගිණුම් පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කරපු ටෙන්ඩරය මේ විගණන ආයතනයට ලැබීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළා මේ සම්බන්ධයෙන් ටෙන්ඩරයක් කැඳවලා ටෙන්ඩරය ප්‍රදානය කරලා තියෙද්දී ඒ ලිපිගොනු අස්ථානගත වුණා කියලා පසුව නැවත ටෙන්ඩර් කැඳවලා එය මේ ආයතනයට ලබාදෙන්නට කටයුතු කරලා තියෙනවා, එය ඔබේ හිතෛෂීභාවය මත සිදුවෙච්ච දෙයක් විදියට තමයි ඔහු ප්‍රශ්න කරන්නෙ. මොකක්ද ඔබ දෙන පිළිතුර ?
“ඇත්තටම කියනවා නම් මම ඕක පත්තරේ දැක්කාම පරීක්ෂා කළා, අපේ ආයතනය විශාල ආයතනයක්. වැඩ කරන්න 2000ක් ඉන්නවා, පාට්නර්ස්ලා 25ක් ඉන්නවා. යන හැම කොන්ත්‍රාතුවම මම දන්නෙ නෑ කොහේද යන්නෙ කියන එක. මම චෙක් කරපුවාම ඔෆිස් එකෙන්, ඕකෙ වෙලා තියෙන්නෙ සතොස ආයතනය ටෙන්ඩරයක් කැඳවලා තියෙනවා 2023දී වගේ – අද ඊයෙක නෙවෙයි – කොහොමහරි අපේ කට්ටිය ඒකට ටෙන්ඩර් කළේ නෑ. මොකද එකක් ඒකෙ වටිනාකම බොහොම පොඩියි, ඒක අපට කරලා තේරුමක් නැහැ. දැන් සුමාන තුනකට විතර කලින් තමයි ඕක වන්ඩේ ක්ලෝස් කරනවා කියලා කියලා තියෙන්නෙ. අපි බිඩ් එකක් දාලා නෑ ඒකට. මොකද ඒක මිලියන 3ක විතර පොඩි ගෙවීමක්, අපට කරලා වැඩක් නෑ ඒක, අපි පොඩි ගණන්වල ඒවා කරන්නෙ නෑ. ඊටපස්සෙ සතොස ආයතනයම කතා කරලා අපට කියලා තියෙනවා බිඩ් එකක් දාන්න කියලා, මොකද ඒක පොඩි ආයතනයක් තමයි මේකට බිඩ් එක දාලා තියෙන්නෙ, ඒගොල්ලො දන්නෙ නෑ, ඒගොල්ලොන්ට හැකියාවක් නෑ මේක කරන්න, ඒ නිසා අපිට බිඩ් එකක් දාන්න පුළුවන්ද මේකට කියලා”
ප්‍රශ්නය – ඇයි ඒ වගේ අඩු ගාණකට වැඩ නොකරන EY එක එතනට ගිහිල්ලා බිඩ් කළේ ?
“ඒක තමයි, අපෙන් කතා කරලා අහලා තියෙනවා දාන්න පුළුවන්ද මේකට කියලා”
ප්‍රශ්නය – ඒ කියන්නෙ ටෙන්ඩර් ක්‍රියාවලියෙ තියෙන අංග සම්පූර්ණ කරන්න අනිත් අයට හැකියාව නැති අය කියලා ?
“පොඩි ආයතනයක් කියලා අපට කියලා තියෙන්නෙ. ඉතින් ඊටපස්සෙ ටෙන්ඩර් එක ආපහු කෝල් කරලා තියෙනවා. අපේ කට්ටිය ඒකට බිඩ් එකක් දාලා තියෙනවා, හැබැයි තාම අද වෙනකල් ටෙන්ඩර් එක ප්‍රදානය කරලා නෑ. අපේ කට්ටිය බිඩ් එකක් දාලා තියෙනවා ඉල්ලීමක් කරපු නිසා, ඒක තවම ප්‍රදානය කරලා නෑ, අවුරුදු ගාණක් ඇදෙන බිඩ් එකක්, මම හිතන්නෙ නෑ ඕක ඔච්චරම ලොකු එකක් කියලා අපිට ….”
ප්‍රශ්නය – මොකක්ද ලිපිගොනු අස්ථානගත වෙච්ච කතාව ?
“ඒක මම දන්නෙ නෑ”
දුමින්ද හුලංගමුව මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
