ගුවන් හමුදා යානාව කඩාවැටුණේ නියමුවන්ගේ අත්වැරැද්දකින්. ලෝකෙ කොහෙත් L බෝඩ් ඔහොම තමා – ඇමති බිමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් පසුගිය 21 වනදා වාරියපොල ප්‍රදේශයට කඩා වැටී ඇත්තේ එම පුහුණු ගුවන් යානයෙහි ගමන් කළ ආධුනික ගුවන් නියමුවන්ගේ අත්වැරදීමක් හේතුවෙන් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

“ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාදෙනිය ප්‍රදේශයට, මිනුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටීම සම්බන්ධ වාර්තාව මම ආරක්ෂක ලේකම්තුමා මගින් ගෙන්වාගත්තා. ඒකට අනුව ගත්තොත් ඒ ගුවන් යානයේ බඳේ ඒ කියන්නෙ බොඩි එකේ පරණකමක් හෝ එහෙම ප්‍රශ්නයක් නෑ. දෙවැනි එක ගුවන් යානයේ එංජිමේත් ප්‍රශ්නයක් නෑ. මොකද අපි අර පරණ වාහන පාරේ දිව්වට ගුවන් යානා එහෙම දුවන්න බෑ. ඒ නිසා ඒක පරණ ප්ලේන් එකක් නෙවෙයි. ඒවා පුහුණු වෙනකොට අපි කාගෙනුත් – ප්ලේන්වල L බෝඩ් ගහලා තිබුණෙ නැතිවුණාට ඒ ගියපු කට්ටිය පුහුණු වෙන කට්ටිය. එතකොට ඒගොල්ලන්ගෙන් අත්වැරදීමක් වෙලා තියෙනවා. අපි සතුටුවෙනවා අඩුගාණෙ නියමුවන් දෙදෙනා බේරිච්ච එක ගැන. විශාල දේපළ හානියක් ප්‍රදේශයට වෙලා නෑ, නමුත් ගස්කොළන්වලට යම් හානියක් වෙලා තිබෙනවා. ඒක ඇත්තටම ගත්තොත් පුහුණුවීම්වලදී අපේ රටේත් ලෝකෙ කොයි රටේත් වෙන දෙයක්. ඒ හැර වෙන කිසිදු හේතුවක් ඒකට සම්බන්ධ නෑ කියන එක තමයි තාක්ෂණික වාර්තාවේ තියෙන්නෙ”

බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 24) මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...