බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානයේ පාලනය ඉල්ලා භික්ෂූන් වහන්සේලා විරෝධතාවයේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වඩාත්ම පූජනීය සිද්ධස්ථානවලින් එකක් වන බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානයේ පාලනය බෞද්ධ ප්‍රජාවට පමණක් ලබා දෙන ලෙස ඉල්ලා මහා බෝධි විහාරය ඇතුළු ඉන්දියාව පුරා බෞද්ධ විරෝධතාවක් ඇතිව ඇති බව වාර්තා වේ.

උතුරේ චීනයට මායිම්ව ඇති ලඩාක් සිට බටහිරින් මුම්බායි නගර සහ දකුණේ මයිසූර් දක්වා බෞද්ධ සංවිධාන කිහිපයක් මිට එරෙහිව විරෝධතා පවත්වා ඇති අතර ව්‍යාපාරයට නායකත්වය දෙන සමස්ත ඉන්දීය බෞද්ධ සංසදයේ (AIBF) ප්‍රධාන ලේකම් ආකාෂ් ලාමා ප්‍රකශ කර තිබුණේ, ප්‍රධාන විරෝධතාවට එක්වීම සඳහා ජනතාව වැඩි වැඩියෙන් බුද්ධගයාවට පැමිණෙමින් සිටින බවයි.

2011 දී රටේ අවසන් සංගණනයට අනුව, ඉන්දියාවේ බෞද්ධ පුරවැසියන් මිලියන 8.4 ක් සිටින බවට ඇස්තමේන්තු කර ඇති අතර පසුගිය වසර 76 පුරාවට, බිහාර් ප්‍රාන්ත නීතියක් වන 1949 බුද්ධගයා දේවාල පනත යටතේ, හින්දු භක්තිකයන් හතර දෙනෙකු සහ බෞද්ධයන් හතර දෙනෙකුගෙන් යුත් අට දෙනෙකුගෙන් යුත් කමිටුවක් විසින් මෙම දේවාල භූමිය පාලනය කරනු ඇත.

නීතිමය බලපෑම හේතුවෙන් හින්දු භික්ෂූන් වහන්සේලා බුද්ධාගමේ ආත්මයට අභියෝග කරන චාරිත්‍ර වාරිත්‍ර වැඩි වැඩියෙන් සිදු කරමින් සිටින හෙයින් බෞද්ධ භික්ෂූන් ඇතුළු විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ එම පනත අවලංගු කර, බෞද්ධයන්ට විහාරස්ථානය සම්පූර්ණයෙන්ම භාර දෙන ලෙසයි.

බුදුන් වහන්සේගේ බුද්ධත්වයෙන් වසර 200 කට පමණ පසු බෞද්ධාගම වැළඳගත් අශෝක අධිරාජ්‍යයා විසින් මෙම විහාරස්ථානය ඉදිකරන ලද අතර මෙම ස්ථානය 13 වන සියවසේ කලාපයේ ප්‍රධාන දේශපාලන වෙනස්කම් සිදුවන තෙක් එය වසර ගණනාවක් බෞද්ධ කළමනාකරණය යටතේ පැවතිණි.

ඉන් අනතුරුව තුර්කි-ඇෆ්ගන් ජෙනරාල් බක්තියාර් ඛිල්ජිගේ ඉන්දියාව ආක්‍රමණය කිරීමෙන් අනතුරුව මෙය පරිහානියට පත්ව අතහැර දමා තිබු අතර 1590 දී දේවාලයට පැමිණි හින්දු භික්ෂුවක් වන ගමන්ඩි ගිරි එහි වාසය කිරීමට පටන් ගත් අතර ඔහු එහි චාරිත්‍ර වාරිත්‍ර ආරම්භ කිරීමෙන් අනතුරුව ගිරිගෙන් පැවත එන්නන් විසින් මෙම දේවාලය පාලනය කර ඇත.

19 වන සියවසේ අගභාගයේදී, සංචාරය කරන ශ්‍රී ලාංකික සහ ජපන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් මෙම ස්ථානය නැවත ලබා ගැනීමේ ව්‍යාපාරයක් මෙහෙයවීම සඳහා මහා බෝධි සංගමය ආරම්භ කළ අතර ඒ අනුව යමින් 1947 දී ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබා වසර දෙකකට පසු දෙපර්ශවයටම් හිමිකම ලැබෙන පරිදි බිහාර් රජය 1949 දී බුද්ධගයා දේවාල පනත ක්‍රියාත්මක කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...