යෝෂිත සහ බිරිඳ කොම්පඤ්ඤවීදිය පොලිසියට එයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ (LNW):

අද (25) උදෑසන, යෝෂිත රාජපක්ෂ කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණි නව වාර්තා වේ. ඒ කොළඹ පාර්ක් වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමටයි.

ඒ අනුව, පැය දෙකකට වැඩි කාලයක් පොලිසිය ඔහුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවටයි වාර්තා වේ.පාර්ක් විදියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකට යෝෂිත රාජපක්ෂ මහතා සමග පැමිණි පිරිසක් ඇතුළු වූ අවස්ථාවේ ගැටුමක් හට ගත් බවටයි වාර්තා විය.

එහිදී ඇති වු බහින් බස්වීමක් දුරදිග යාමෙන් සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියාට පහරදීමක් සිදුවු අතර ඉන් තුවාල ලැබු එම නිලධාරියා රෝහල් ගත කෙරුණ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤයවීදිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පරීක්ෂණ ආරම්භ කෙරුණි.

ඒ සඳහා ප්‍රකාශයක් ලබාදීමට යෝෂිත රාජපක්ෂට පැමිණෙන ලෙස කොම්පඤ්ඤවීදිය පොලිසිය දැනුම් දී තිබු අතර ඒ අනුව යෝෂිත රාජපක්ෂ අද (25) පොලිසියට පැමිණි අතර, පැය දෙකකට වැඩි කාලයක් ඔහුගෙන් ප්‍රකාශ ලබාගත් බවට වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...