රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ LNW :
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොකර දැනට පවතින මට්ටමේම ( එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 7.75% ලෙස) පවත්වා ගැනීමට තීරණය කර ඇත.
දේශීය ආර්ථික තත්ත්වයන් මෙන්ම මැදපෙරදිග පවතින ගැටුම්කාරී වතාවරණය හේතුවෙන් මතුවිය හැකි ගෝලීය අවිනිශ්චිතතාවයන් මෙහිදී දැඩි අවධානයට ලක්ව තිබේ.
මෙම ක්‍රියාවලිය හරහා මෙරට මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට බලධාරීන් අපේක්ෂා කරන බව පෙනී යයි.
මීට අමතරව, පවතින දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව උද්ධමනය පාලනය කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂිත කාලවකවානු ද මෙහිදී පැහැදිලි කර ඇත.
ඒ අනුව, 2026 වසරේ දෙවන කාර්තුව වන විට උද්ධමනය සියයට පහක මට්ටමකට ගෙන ඒම මහ බැංකුවේ මූලික අරමුණයි.



