ඇමතිවරයාගේ මංකොල්ලයක් – ඛනිජ තෙල් පොදු සේවක සංගමය

සටහන – රෂිකා හෙන්නායක

ඛනිජ තෙල් පොදු සේවක සංගමය පවසන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණයට එරහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බවයි .මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (25) පැවැත්වීමට නියමිත බව එහි සභාපති අශෝක රංවල මහතා සඳහන් කළේය.

“පාඩු ලබන තෙල් සංස්ථාව, ජනතාව මත අසීමිත බරක් පටවලා අද වෙනකොට ලාභ ලබන මට්ටමට ගෙනැල්ලා තියෙනවා. දැන් මේ ඇමතිවරයාම උත්සහ කරනවා මේ ආයතනය පෞද්ගලික කරන මුවාවෙන් තමන්ගේ හිතවත් සමාගම් වලට මේක මංකොල්ලයක් විදියට දීලා දාන්න. ඒක නිසා ඛනිජ තෙල් සේවකයෝ විදියට අපේ වෘත්තීය සමිතිය තීරණය කළා සියලුදෙනාම එකාවන්න එකතු වෙලා අද දවසේ අපි මේ ගැන කතා කරලා තීරණය කර ගන්නේ කොහොමද මේ අත්තනෝමතික අදූරදර්ශී මේ රාජ්‍ය දේපළ පවරා ගන්න උත්සහය පරාද කරන්නේ කියලා. කරන්න පුළුවන් උපරිම බලපෑම කරලා රටේ ජනතාවගේ දේපළක් හැටියට ඛනිජ තෙල් සංස්ථාව බේරා ගන්න අපි කටයුතු කරනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...