Wednesday, May 31, 2023
spot_img

Latest Posts

අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ඇතුළු දීමනා අප්‍රේල් මස 10 වනදාට පෙර ගෙවීමට පියවර

සටහන – රෂිකා හෙන්නායක

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ , අප්‍රේල් මාසයට අදාළ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් හා සමෘද්ධි ඇතුළු දීමනා අප්‍රේල් මස 10 වනදාට පෙර ගෙවීමට පියවර ගන්නා බවයි.

කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. තවදුරටත් ඔහු පැවසුවේ සිංහල හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් සාම්ප්‍රදායිකව සිදුකරනු ලබන එම ගෙවීම් නියමිත පරිදි සිදුකිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි .

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.