පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට මාස 3ක සේවා දිගුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ , පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබාදී ඇති බවයි.

එම කාලසීමාවෙන් අනතුරුව පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය අද (25) දිනයේදී අවසන්වීමට නියමිතව තිබුණි.

එවන් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ (24) සාකච්ඡාවක් පවත්වා තිබුණි.

එහිදී ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත මාස තුනක සේවා දිගුවක් ලබාදීමටත් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ , ඉන් අනතුරුව පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදීමට නියමිත බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...