පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට මාස 3ක සේවා දිගුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ , පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මාස 3ක සේවා දිගුවක් ලබාදී ඇති බවයි.

එම කාලසීමාවෙන් අනතුරුව පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සේවා කාලය අද (25) දිනයේදී අවසන්වීමට නියමිතව තිබුණි.

එවන් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ (24) සාකච්ඡාවක් පවත්වා තිබුණි.

එහිදී ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත මාස තුනක සේවා දිගුවක් ලබාදීමටත් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ , ඉන් අනතුරුව පොලිස්පති ධූරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදීමට නියමිත බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...

28 වැනිදා සිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අඛණ්ඩ වැඩවර්ජනයක – වර්ජනයට ඉඩ දෙනවද නැද්ද තීරණ ඇමති අතේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන 28 වැනිදා පෙරවරු 08.00 සිට අඛණ්ඩ...