පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇත .

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා , මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පළාත් ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සභාපතිවරුන් ඇතුළත් වන අතර, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, පළාත් පාලන ආයතනවලින් ජනතාවට ඉටු විය යුතු සියලු කාර්යයන් බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව සිදු කිරිමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීම මෙම කමිටුව හරහා සිදු කෙරෙන බවයි.

තවද , දැනට ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවතින පළාත් සභාවල කටයුතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...