පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇත .

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා , මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පළාත් ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සභාපතිවරුන් ඇතුළත් වන අතර, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, පළාත් පාලන ආයතනවලින් ජනතාවට ඉටු විය යුතු සියලු කාර්යයන් බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව සිදු කිරිමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීම මෙම කමිටුව හරහා සිදු කෙරෙන බවයි.

තවද , දැනට ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවතින පළාත් සභාවල කටයුතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...