සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සුරක්ෂිතයි – සාගල රත්නායක

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පවසන්නේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසිරුවා හැරීමේ කිසිදු සූදානමක් නොමැති බවයි. ඔහු පෙන්වා දෙන්නේ 2015 කැබිනට් පත්‍රිකාවට අනුව සිවිල් ආරක්ෂක සේවය ක්ෂ්‍ය වන සේවයක් ලෙස අනුමත කළද එම කාලසීමාව ඉකුත් වී ඇති බවයි.

ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ට වසර 60ක සේවා කාලයක නිරතවීම සඳහා වසර 55න් ඉදිරියට සේවා දිගුව ඉල්ලා සිටිය හැකි බවටද සාගල රත්නායක මහතා පැවසීය .

එම කටයුතු කිසිවක් වෙනස්වී නොමැති අතර ඉදිරියේදී ද වෙනස් කිරීමට සූදානමක් නොමැති බව අවධාරණය කළේය .

සාගල රත්නායක මහතා මේ බව කියා සිටියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉටුකරන ලද සේවාව අගය කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ පැවති ඇගයීම් උළෙලට සහභාගී වෙමිනි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...