ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට අලුත් වගකීමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26, කොළඹ (LNW): ගෙවී අවසන් වූ වසර ගණනාවක් පුරාවට තවමත් විභාගය අවසන් නොවූ පොලිස් නිලධාරීන්ට එරෙහි විනය පරීක්ෂණ කඩිනමින් අවසන් කර එම නිලධාරීන්ට සහනයක් ලබාදීමට පොලිස් මුලස්‌ථානය තීරණය කර ඇති අතර, පොලිස්පතිවරයා විසින් අදාළ කාර්යය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙත බාර දී ඇති බව පැවසේ.

අනාවරණය වන පරිදි, පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සම්බන්ධයෙන් විවිධ කාලසීමාවන්වලදී ආරම්භ කර කාලයක් තිස්සේ දිග්ගැසෙමින් පවතින විනය පරීක්ෂණ හේතුවෙන් විශ්‍රාමික නිලධාරීන් විශ්‍රාම වැටුප් සහ සේවයේ නිරත නිලධාරීන් උසස්වීම් අහිමිව පීඩාවට පත්ව සිටින බවයි.

එම කරුණු සලකා බලමින් කඩිනමින් විනය පරීක්ෂණ අවසන් කර සාධාරණයක් ඉටුකරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බව පැවසේ.

විවිධ නිලධාරීන්ගේ පාලන කාලවලදී සුළු අතපසුවීම්වලට පවා නිලධාරීන්ට චෝදනා පත්‍ර ලබාදීම හේතුවෙන් උසස්වීම් හා විශ්‍රාම වැටුප් අහිමිව කලකිරීමට පත්වූ නිලධාරීන් දහස් ගණනක් සිටින බව ද හෙළිව ඇතැයි වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...