ඉල්ලා අස් වනවා කීවත් කෝප් කමිටුවෙන් නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත්තේ 05 දෙනයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26, කොළඹ (LNW): පාර්ලිමේන්තුව පවසන්නේ, පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් මේ වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වී ඇත්තේ සාමාජිකයින් 5 දෙනෙකු පමණක් බවයි .

ඉල්ලා අස්වන බවට අදාළ සාමාජිකයින් 5 දෙනා පමණක් ලිඛිතව දැනුම් දී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

ඩිලාන් පෙරේරා, දුමින්ද දිසානායක, ඉරාන් වික්‍රමරත්න, එස්. එම්. මරික්කාර් සහ මහාචාර්ය චරිත හේරත් යන මන්ත්‍රීවරුන් පමණක් සිය ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇතැයි වැඩි දුරටත් සඳහන් වේ.

මීට අමතරව අනුර දිසානායක, වසන්ත යාපා බණ්ඩාර, ශානක්‍යන් රාසමානික්කම්, දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ හා හේෂා විතානගේ යන මන්ත්‍රීවරුන් ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. එහෙත් ඊට අදාළ ලිඛිත දැනුම්දීම මෙතෙක් සිදු කර නැති බව පැවසේ.

ලිඛිතව ඒ පිළිබඳව දැනුම්දෙන තුරු ඉල්ලා අස්වීම් වලංගු නොවන බව පාර්ලිමේන්තුව පෙන්වා දෙයි.

මෙසේ ඉල්ලා අස්වීමට හේතු වූයේ කෝප් කමිටුවේ සභාපති ධුරයට පොදුජන පෙරමුණේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පත්වීමට විරෝධය පළ කරමක් ලෙසයි. ඉල්ලා අස්වීම් භාර දුන් එම සාමාජිකයින් වෙනුවට නව සමාජිකයින් පත්කරන්නැයි, විපක්ෂ නායක කාර්යාලයට දැනුම් දී ඇතැයි ද පාර්ලිමේන්තුව පැවසීය. මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවද පැවසේ.

කෝප් කමිටුව සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඒ ආණ්ඩුව නියෝජනය කරමින් 19 දෙනෙකු සහ විපක්ෂයෙන් සාමාජිකයින් 12 දෙනෙකු ලෙසයි.

ඉල්ලා අස්වීම් සමග ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින් ගණන 18ක් වන අතර විපක්ෂ සාමාජිකයින් ගණන 08ක් දක්වා අඩු වී ඇති බව සඳහන් වේ..

පාර්ලිමේන්තුව පෙන්වා දෙන්නේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීම සඳහා සාමාජිකයින් 5 දෙනෙකු පමණක් සිටීම ප්‍රමාණවත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...