ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):නිව්යොක් අධිකරණය විසින් අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි අපරාධ නඩු විභාගයකට දින නියම කර ඇති බව එරට මාධ්‍ය වාර්තා වේ.

ඒ අනුව ඔහුට එරෙහි නඩු විභාගය අප්‍රේල් 15 වැනි දා ආරම්භ වන බව , නිව්යොක් අධිකරණය විසින් ඊයේ (25) නියෝග කළේය

ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ,  2016 වසරේ ජනාධිපතිවරණයට පෙර ඔහු සබඳතා පැවැත් වූ නිල් චිත්‍රපට නිළියකට මුදල් ගෙවා එම තොරතුරු වසන් කර, පසුව ඒ සම්බන්ධ මූල්‍ය වාර්තා වෙනස් කිරීමයි.

අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ, හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහි අපරාධ නඩුවක් විභාගයට ගැනෙන පළමු අවස්ථාව මෙය වනු ඇති බව වාර්තා වේ.

දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මෙම නඩුවෙන් ලැබෙන තීන්දුව, මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා සෘජුව බලපානු ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත්, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තේරී පත්වීමට වැඩි ගෞරව දිනාගෙන අවසන් අතර, මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට තැත් කිරීම, රහසිගත රාජ්‍ය ලේඛන අනවසරයෙන් ළඟ තබා ගැනීම ඇතුළු තවත් චෝදනා 3ක් සම්බන්ධයෙන් ද හිටපු ජනාධිපතිවරයාට එරෙහිව තවත් අධිකරණ 3ක නඩු විභාග වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...