(VIDEO):ජන්ද ලංවුණාම මිනිස්සුන්ව රවට්ටන්න හදන්න එපා.කතෝලික සභාවෙන් මෛත්‍රීට රතු එළි!

Date:

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් කඩිමුඩියේ ප්‍රකාශ නිකුත් කිරීම තුළ දේශපාලන වාසියක් බලාපොරොත්තු වන්නේද යන සැකය මතුවන බව කතෝලික සභාව ප්‍රශ්න කර සිටියි.

කතෝලික සභාවේ ජන සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජුඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසන්නේ මියගිය ජනතාවගේ මළ මිනී උඩින් මෙම තවමත ඒ ගැන සෝසුසුම් හෙළන ජනතාව මතින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ නොකරන ලෙසයි.

එවැනි මුලාවක ජනතාව නොවැටෙන බවද පියතුමා සඳහන් කරයි.

මේ අතර මහජන ආරක්ෂක ඇමතිවරයාට අනුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන 90%කට වැඩි ප්‍රමාණයක අවසන් වී ඇති බව පවසන මොහොතක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන තොරතුරු අනාවරණය කරගෙන ඇත්ද යන්න පිළිබඳවත් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රශ්න කර සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...