මම යනවා නම් යන්නේ, මේ රස්සාවෙන් රටට කරන දේ කරන්න බැරි නම් පමණයි – මහ බැංකු අධිපති

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 26, කොළඹ (LNW): අද (26) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසූවේ, තම සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ,

“මම පැහැදිලිව කියන්න ඕනේ, මගේ යටතේ වැඩකරන සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හා නැවත සලකා බැලීම නිසා මම ඉවත්වෙලා යන්නේ නෑ. ඒක ඉතාම පැහැදිලියි. මම යනවා නම් යන්නේ, මේ රස්සාවෙන් රටට කරන දේ කරන්න බැරි නම් පමණයි. ආයතනයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම ආයතනයේ ප්‍රධානියා විදියට මට වගකීමක් තියෙනවා. ඒ දේ මම කළා. ඒ නිසා මම දකින්නේ නෑ මේක මට ඉවත් වෙන්න හේතුවක් කියලා. අනිත් එක මේක මුදල් මණ්ඩලය පමණක් නෙමෙයි මේ තීරණය ගන්නේ වෘත්තීය සමිති එක්ක කතා කරලා එකඟවෙලා වසර තුනක් සඳහා සාමුහික එකඟතාවයකින්. මේකේ වෙනස තියෙන්නේ, අනෙකුත් තීරණ අපේ පරිපාලනය හා මුදල් මණ්ඩලයේ තීරණ ආර්ථිකය සම්බන්ධයෙන්. ඒක වෙන කෙනෙක් එක්ක එකතු වෙලා කතා කරන්න දෙයක් නෑ. මේක සේවකයින් වෙනුවෙන් සාමුහිකව ගත්තේ දෙගොල්ලෝම එකතු වෙලා. ඒකයි මෙතෙන වෙනස. මම හිතන්නේ නෑ ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් තියෙනවා කියලා.” ලෙස හෙතෙම කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...