IOC යළිත් මිල වැඩි කරයි. පෙට්‍රල් ලීටරය 300 පනී !

ලංකා IOC සමාගම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත වරක් සිය පෙට්‍රල් මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ, රුපියල් 49 කිනි.

ඒ අනුව එම සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332ක් වේ.

කෙසේවෙතත් එම සමාගම සිය ඩීසල් මිල ගණන් ඉහළ නංවා නැත.

RN