විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් හමුවෙයි

Date:

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා 2022 මාර්තු 24 වැනි බ්‍රහස්පතින්දා දින කොළඹ දී, ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් හමුවිය.

ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, ශ්‍රී ලංකාව තුළ ප්‍රංශ සමාගම්වල ආයෝජන මෙන්ම, විශේෂයෙන් තේ, මත්ස්‍ය නිෂ්පාදන, ඇඟළුම්, මැණික් හා ස්වර්ණාභරණ වැනි ශ්‍රී ලංකාවේ අගය එකතු කළ අපනයන සඳහා ප්‍රංශ වෙළඳපොළ පුළුල් කිරීම සහ සංචාරක ව්‍යාපාරය යනාදිය ඇතුළත් විවිධ මාතෘකා රැසක්, මෙම හමුවේ දී සාකච්ඡාවට බඳුන් විය. මෙහිදී සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය, පාරිසරික සංචාරක ව්‍යාපාරය සහ අධ්‍යාපනික හා සංස්කෘතික අංශවල සහයෝගීතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා තමන් කටයුතු කරන බව, ප්‍රංශ සෙනෙට් සභිකයෝ මෙහිදී ප්‍රකාශ කළහ.

තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, ප්‍රංශ තානාපති එරික් ලැවර්ටූ මැතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා යනාදීහු මෙම හමුවට සහභාගී වූ පිරිසට ඇතුළත් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...