හාල් රටින් ගෙන්වන්නේම නෑ කියන එක අපේ ප්‍රතිපත්තිය. හිඟ වෙනවා නම් ගෙන්වන එකත් අපේ ප්‍රතිපත්තිය – ඇමති ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

උත්සව සමයේදී සහල් හිඟයක් කිසිසේත්ම ඇති නොවන බවත් හිඟයක් ඇතිවන්නේ නම් පිටරටින් සහල් ආනයනය කර පාරිභෝගිකයින්ට ලබාදීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“උත්සව සමයට හාල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. අනිත් එක ඉතින් අපි ප්‍රතිපත්තියක ඉන්නවා හිඟ ඇතිවෙනවා නම් අපි ගේනවා. ඒක අපි කරනවා. පහුගිය දවස්වලත් යම් හිඟ තත්වයක් නිර්මාණය වෙලා හාල් ගෙනාවා නෙ”

ප්‍රශ්නය – හැබැයි නාමල් කරුණාරත්න ඇමතිතුමා කියනවා ගෙන්වන්නේම නෑ කියලා ..?

“නෑ ඉතින් ඒ අපේ ප්‍රතිපත්තිය නෙ. ඒ කියන්නෙ අපේ අධිෂ්ඨානය ගෙන්වන්නෙ නැතිව වගා කරලා ගන්න එක. ඒක හරි. අපි කැමතියි නෙ සම්පූර්ණ සහල් නිෂ්පාදනය අපි කරගන්න. සමහර කාලවල කරගෙන තිබ්බා නෙ. මේක අර ගෝඨාභයලා ඇති කරපු පොහොර ප්‍රශ්නයේ අනිසි බලපෑම තාම තියෙනවා. සහ මේක නිතරම මේ කාලගුණ විපර්යාස විසින් අවදානමට ලක්කරන ක්ෂේත්‍රයක් නෙ ආහාර බෝග කියන එක. ඉතින් අපි දැන් ඉන්නෙ ස්ථාවරත්වයකට හොඳින් හදාගන්න තෙක් හිඟ ඇතිවෙනවා නම් අපි රටින් ගෙන්නලා පාරිභෝගිකයාට ඒ ප්‍රශ්නය විසඳලා දෙනවා. ඒ නිසා බයවෙන්න කිසිම දෙයක් නෑ”

ප්‍රශ්නය – ඇමතිතුමා මේ අස්වැන්න හිතපු තරම් ලැබිලා නෑ කියනවා. එහෙම එකක් තියෙනවාද ?

“යම් අඩුවක් තියෙනවා. ඒක ඇත්ත. නමුත් අපි නිතරම ඒ ගැන පරීක්ෂාවෙන් ඉන්නෙ. පරීක්ෂාවෙන් ඉඳලා අපේ වසන්ත සමරසිංහ සහෝදරයා, වෘත්තීය සමිති සගයා, අපි දෙන්නා දැන් දෙපැත්තෙ ඉන්නෙ වෘත්තීය සමිති. මම මෙහෙන් නිෂ්පාදනය කරන්න ඕනෙ, මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් එයා එහෙන් ගෙන්වනවා. එතකොට සහෝදරත්වය ඒකෙන් බැලන්ස් වෙලා එනවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ජනතාවට බයවෙන්න දෙයක් නැද්ද ?

“නෑ … මොකුත් ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ”

කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 25) කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...