ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම තීරණය!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 26, කොළඹ (LNW):

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින 8%ක මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යාමට තීරණය කර ඇත.

වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එම තීරණයට ගෙන තිබෙන බව සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පැවසුවේ, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින්, ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟා වීමට සහාය වීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...