දකුණු කොරියාවේ ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් අහිමි වුණ ජීවිත ගණන 18 දක්වා ඉහළට!

Date:

සටහන – පුලී
මාර්තු 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 දකුණු කොරියාවේ ගිනිකොනදිග කලාපය තුළ ලැව්ගිනි අඛණ්ඩව පැතිර යාම හේතුවෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අර්බුදය තවමත් තීරණාත්මක වන අතර එය රටේ ඉතිහාසයේ දරුණුතම ලැව්ගිනි තත්ත්වය ලෙස වාර්තා වන බව වැඩබලන ජනාධිපති හැන් ඩක්-සූ පැවසීය.

මියගිය බොහෝ දෙනෙක් වයස අවුරුදු 60 සහ 70 වයස් කාණ්ඩයෙහි පසුවන අතර 23,000 කට වැඩි පිරිසක් අදාල ප්‍රදේශ වලින් ඉවත් කර ඇති බව බලධාරීහු ප්‍රකාශ කර තිබේ.

උයිසොං නගරයේ වසර 1,300 ක් පැරණි ගවුන්සා දේවාලය ගින්නෙන් විනාශ වී ඇති අතර, එහිදී බොහෝ සංස්කෘතික ධාතු ඉවත් කර ආරක්ෂිත ස්ථානයකට ප්‍රවාහනය කල බව ද වාර්තා වේ.

ඉකුත් සිකුරාදා දහවල් සැන්චියොං ප්‍රාන්තයේ සිට ගින්න ආරම්භ වූ අතර පසුව උයිසොං ප්‍රාන්තය දක්වා එය පැතිර ගිය බව බලධාරීන් පැවසීය.

දැඩි හා වියළි සුළං හේතුවෙන් ගින්න අසල්වැසි ප්‍රාන්ත වන ඇන්ඩොං, චියොංසොං, යෙයොංයැං සහ යෙයොංඩියොක් වෙත වේගයෙන් පැතිර යමින් පවතින බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...