W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් නියෝගයක්!

0
719

රෂිකා හෙන්නායක මාර්තු 26, කොළඹ (LNW):

මාතර, වැලිගම, ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී  නෙවිල් සිල්වා මහතා අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණය හමුවේ ඇති කරගෙන තිබෙන එකඟතාවය, නීතිපතිවරයාගේ විරෝධතාවයට යටත්ව අප්‍රේල් මස 28 වනදා දක්වා දීර්ඝ කරන බව අභියාචනාධිකරණය අද නියම කළ බව සඳහන් වේ.    

ඒ, එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් අට දෙනකු විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් කැඳවීමෙන් අනතුරුවයි.

අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින්, නියෝගය නිකුත් කළේය.