රෂිකා හෙන්නායක මාර්තු 26 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
බ්‍රිතාන්‍ය රජය විසින් Palestine Action සංවිධානය තහනම් කිරීමට එරෙහිව මහාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය සිය ස්ථාවරය වෙනස් කර ඇත.
අධිකරණය විසින් එම තහනම මුලින් නීතිවිරෝධී බව ප්‍රකාශ කළද, රජය විසින් ඉදිරිපත් කළ අභියාචනය සලකා බලන තෙක් එම තහනම තවදුරටත් බලාත්මක වන බව පොලිසිය අවධාරණය කරයි.
මේ හේතුවෙන් එම කණ්ඩායමට සහය දක්වන පුද්ගලයන්ව නැවත අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන අතර එය අපරාධ වරදක් ලෙස සලකනු ලබයි.
මෙම සංවිධානය ඊශ්‍රායලයට අවි සපයන සමාගම්වලට එරෙහිව විරෝධතාවල නිරත වූවකි.
පොලිසියේ මෙම නව තීරණය විරෝධතාකරුවන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති අතර එය දේශපාලන මර්දනයක් ලෙස ඔවුහු හඳුන්වති.
අවසාන අධිකරණ තීන්දුවක් ලැබෙන තෙක් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව බලධාරීන් පවසා ඇත.



