රෂිකා හෙන්නායක මාර්තු 24, කොළඹ LNW :
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි තත්ත්වයට සහනයක් ලෙස ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පිහිට වූ අතර, ජනාධිපතිවරයා විසින් නම් කරන ලද අත්‍යවශ්‍ය සේවා 15ක් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්රවල නිලධාරීන් මෙම මධ්‍යස්ථානයට අනුයුක්ත කර ඇත.
ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සම්බන්ධීකරණය වෙමින් ක්‍රියාත්මක වන මෙම කාර්යාලය, මහජන ගැටලු ලබාගැනීම සඳහා 1904 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ.
නීතිමය රාමුව යටතේ සේවා සැපයීමට බාධා කරන පිරිස්වලට එරෙහිව දේපළ රාජසන්තක කිරීම හෝ සිරදඬුවම් පැමිණවීම වැනි දැඩි පියවර ගැනීමේ බලය කොමසාරිස්වරයා සතු වේ. මෙම යාන්ත්‍රණය සැලසුම් කර ඇත්තේ ආපදා තත්ත්වයන් හමුවේ රටේ මහජන උපයෝගිතා සේවාවන් බිඳවැටීමකින් තොරව කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා බවද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් පැවසීය.
"මහජන ආරක්ෂක ආඥාපනත යටතේ හදිසි නීතියත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයත් පිහිටුවනු ලැබුවේ. ඒක අනුව ඊට බාධා කරන පුද්ගලයින් ඉන්නවා නම් ඔවුන්ට මහජන ආරක්ෂක ආඥාපනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගන්න පුළුවන්. දේපළ පවර ගන්න. තාවකාලිව පවරා ගැනීමට හැකියි. සිරදඬුවම් ලබාදීමට පුළුවන්. එවැනි දේවල්වලට අපි ගියේ නැහැ. රටේ ඇති වුණ විපත්ති තත්ත්වයක් මත තමයි මේක පිහිටවනු ලැබුවේ, ඒ නිසා අපි දුන්න නියෝග නිලධාරින් එහෙමම ක්‍රියාත්මක කළා."



