ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ඉන්දියාව ඇතුළු මිත්‍ර රටවල නෞකා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබා දෙන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඉන්දියාවට අමතරව චීනය, රුසියාව, ඉරාකය සහ පාකිස්තානය වැනි මිත්‍ර රටවල නෞකා සඳහා ද මෙම අවසරය ලබා දී ඇත.
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන් ගෝලීය වශයෙන් තෙල්, ගෑස් සහ පොහොර ප්‍රවාහනයට දැඩි බාධා එල්ල විය.
එය වහාම විවෘත කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම විවෘත කිරීම සිදුඅක්රන බව ඉරානය පවසයි. බවයි.
කෙසේ වෙතත්, ඉරාන ආරක්ෂක කවුන්සිලය නිවේදනය කර ඇත්තේ මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය හරහා නෞකා ගමන් කිරීමේදී අද සිට “ඉරාන නිලධාරීන් සමඟ පූර්ව සම්බන්ධීකරණයකින්” යුතුව කටයුතු කිරීම අනිවාර්ය බවයි.
මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන ගන්නා නෞකා වලින් ගාස්තු අය කිරීමේ නීතියක් සම්පාදනය කිරීමටද ඉරානය අවධානය යොමුඅක්ර ඇති අතර මූලිකව එහි කෙටුම්පත සකස් කර තිබෙන බවද ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණි.
එමෙන්ම යුද්ධය අවසන් කිරීමටද ඉරානය විසින් කොන්දේසි පහක් ඉදිරිපත් කර තිබේ.


