නියුමෝනියාව වැළඳීම හේතුවෙන් ලූලාගේ චීන සංචාරය කල් යයි

Date:

බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වාහට නියුමෝනියාව වැළඳීම හේතුවෙන් දින නියමයකින් තොරව චීන සංචාරය සහ ජනාධිපති ෂී ජින්පින් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල්දමා ඇති බව ජනාධිපති මන්දිරය වාර්තාකර තිබේ.

බ්‍රසීලයේ විශාලතම වෙළඳ සහකරු වන චීනයට දින හයක සංචාරය සංචාරයක් සංවිධානය කර තිබූ අතර ලූලා සමඟ අමාත්‍යවරුන්, සෙනෙට් සභිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ව්‍යාපාරිකයන් සිය ගණනකින් යුත් දූත පිරිසක් ජනාධිපතිවරයා සමඟ යාමට නියමිතව තිබුණි. මෙම සංචාරයේදී වෙලඳාම ශක්තිමත් කිරීම සහ යුක්රේනයේ යුද්ධය කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂා කර තිබිණි.

හිටපු ජනාධිපති අන්ත දක්ෂිණාංශික නායක ජෙයාර් බොල්සොනාරෝගේ කාලයේදී බ්‍රසීලය හා චීන සබඳතා පලුදු වී ගොස් තිබූ අතර එය නැවත ද්වී පාර්ශවීය වශයෙන් ප්‍රතිසංවිධානය කිරීම මෙම සංචාරයන්ගෙන් අපේක්ෂා කෙරේ.

77 හැවිරිදි බ්‍රසීල ජනාධිපතිවරයා ඉන්ෆ්ලුඑන්සා උණ වැළඳීමත් සමඟ රෝගී තත්වය අනාවරණය වූ අතර සංචාරය නැවත සැළසුම්කරන ලෙස චීන බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව ජනාධිපති මන්දිරය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු CID අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: " කුඩු රොෂාන්" "...

සේවකයින් තුන් ලක්ෂ 74,000 කට සෘජු බලපෑම් එල්ල කළ “දිට්වා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

යුනිසෙෆ් සංවිධානය විසින් දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දරුවන්ට සහන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW: යුනිසෙෆ් සංවිධානයේ, ශ්‍රී ලංකාවේ...