*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ඔලිම්පික් බේස් බෝලය විපක්ෂයට දමන්න බැරිදැයි ජනාධිපති හිටපු බේස්බෝල් උප නායකයාගෙන් අසයි.

ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමේ හිටපු උප නායකයෙක් මෙන්ම වර්ථමානයේ තේරීම් කමිටු සාමාජිකයෙක් ද වන තීක්ෂණ ගම්මන්පිල,ජනාධිපතිවරයා දියගම පිහිටි ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණය නිරීක්ෂය කිරීමට පිවිසි අවස්ථාවේදී දැනට ඔලිම්පික් තරග සඳහා භාවිතා වන ශ්‍රී ලංකාවේ ශ්‍රම දායකත්වයෙන් නිෂ්පාදනය වන බේස්බෝලය හඳුන්වා දුන්නේය.ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරත් එම කතාව අවසන් කරේ ජනාධිපතිවරයාගේ හාස්‍ය පිරුණු කතාවකින්ය.ඔහු ගම්මන්පිලගෙන් ඇසුවේ එම බෝලය විපක්ෂයට දමන්නට බැරි ද යනුවෙන්ය.හැබැයි ජනාධිපතිවරයා තවම ඉන්නෙ 2020 ආ ආණ්ඩුවේය.

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා එම බෝලය ලෝකයට ගිල්ලන්න ගොස් අමාරුවේ වැටුණේය.ශ්‍රී ලංකවෙන් බිහි වූ ප්‍රවීනම බේස්බෝල් විනිසුරුවෙක් වෙන සුජීව විජේනායක එම බෝලය ඔලිම්පික්වලට හඳුන්වා දුන් ශ්‍රි ලංකා නිෂ්පාදනයක් ලෙස පෙන්වන්නට ගොස් දහ අතේ ගා ගත් අතර තව පොඩ්ඩෙන් සුජීවගේ කීර්ති නාමය ද අහවර වෙන්නේය.


නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සාමාන්‍යයෙන් සමාව ගැනිම පිළිබඳ අධ්‍යාපනයකට යොමු වූ බවත් පෙනෙන්නට නැත.ඒ නිසාම යළි එය නිවැරදි කර ප්‍රකාශයක් කිරිමට තරම් නිතහමානි නොවිණි.ඒ ඔලිම්පික් අවස්ථාවේ ක්‍රීඩිකාවක් ධාවන පාවහන් නොමැතිව ඔලිම්පික් ගිය බවට ද ගල් පැළෙන බොරුවක් පාර්ලිමේන්තුවේ අත ඇරිය ක්‍රිඩා ඇමතිවරයා එය බොරුවක් බව දැන ගත් පසුවත් හැන්සාඩ්වලින් එම කතාව ඉවත් කර ගන්නට තරම් නිහතමානී නොවිණ.මේ තත්ත්වයන් සැළකිල්ලට ගෙන ජනාධිපතිවරයාට හැකිනම් දූනගහ පිහිටි එම කර්මාන්ත ශාලාව අයත් විදේශිකයන් සමඟ එකඟතාවයක් ඇති කරගෙන ජාතික බේස්බෝල් සංචිතවලට පන්දු ටික හෝ නොමිලේ එන වැඩක් අරඹන්නට හැකියාව ඇත.

බේස්බෝල් ක්‍රීඩාව ගැන උනන්දුවෙන් අදහස් විමසූ ජනාධිපතිවරයා ඒ වන විට පුහුණුවීම් කරමින් සිටි ශ්‍රී ලංකා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමඟ සුහඳව සාකච්ඡා කරන්නට ඉදිරිපත් විය.බේස්බෝල් ක්‍රීඩාව මෙන්ම බාස්කට් බෝල් ක්‍රීඩාව ගැනත් උනන්දුවෙන් අදහස් දැක් වූ ජනාධිපතිවරයා පාසල් සියයක මේ වසරේ දී එම ක්‍රීඩාව ආරම්භ කිරීමට පියවර ගන්නා බව පැවසීය.
බේස්බෝල් ක්‍රීඩා පිටියෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට පිවිසි ජනාධිපතිවරයා එහි පුහුණුවීම්වල යෙදී සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ද සුහද සාකච්ඡාවක යෙදුණේය.අනතුරුව නිලධාරි අමාත්‍යවරයා ඇතුළු පිරිස සමඟ එම සැළසුම් සම්බන්ධයෙන් වැඩි දුරටත් සාකච්ඡා කර ජනාධිපතිවරයා එහිදී කරන ලද අදහස් දැක්වීම්වලදි කටයුතු සිද්ධවන්නේ සතුටුවිය හැකි මට්ටමක නොවන බව තේරුම් ගෙන යම් විවේචනයක් සහිතව අදහස් ඉදිරිපත් කරන්නට විය.

විශේෂයෙන්ම ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් ලෙස හංවඩු ගසමින් සිටින මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ආශ්‍රිත වැඩ සටහන් සත්‍යයක් නොවන බව තේරුම් ගත් ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දුන්නේ ක්‍රීඩාවට අප වියදම් කරන සෑම ශතයක් සම්බන්ධයෙන්ම ජනතාවට වගකිව යුතු බවය.
ක්‍රීඩාවකින් සියයක් බැඟින් ගෙන ඔවුන්ට පහසුකම් සැපයීම යන්න ජනාධිපතිවරයාගේ යෝජනාවයි.මෙය වරින් වර විවිධ මුහුණුවරින් පැමිණිය එකක් වුණ ද ක්‍රියාත්මක කිරිමේ දෝෂ නිසා විනාශයට පත් වූ එකකි.පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ ක්‍රීඩාව සුරක්ෂිත කිරීමට වෙනම වැඩ සටහනක් අවශ්‍යය වෙනවා.කොළඹ පාසල්වල ඉහළ අධ්‍යාපනය සඳහා දරුවන් රැඟෙන ඒම වෙනුවට එවැනි අධ්‍යාපනයක් ඇති ඒකක පිට පළාත්වල ඇති කිරීම වැදගත් වෙනවා.

සුපුරුදු විදිහට අර්ජුන රණතුංග මේ සංවාදයට ගෙනාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති විරසකය ඉවත් නොකළ උණුසුම අඩු කරන ලද වචනයි.දැණුන හැටියට ජනාධිපතිවරයා එහි තිබුණ සැඟවී විෂ කියවා ගත්තා.මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කොළඹ නගරයෙන් හෝමාගම දක්වා ටර්ෆ් හදන්න නොගියට හොඳ පියවරක් ගෙන තිබෙනවා.ඒ රදැල්ල ක්‍රීඩාංගණය.ජනාධිපතිවරයාගේ අවධානය ඒ කෙරෙහි යොමු වීම වැදගත්.සංචාරක වටිනාකමක් සහිත මෙන්ම තේ වගාව,එළවළු,පළතුරු සහ මල් වගාවෙන් හැඩ වුණ පොළවක ඒවා සඳහා වටිනාකමක් ඇති වන පරිදි ජාත්‍යන්තර තරග සංචාරයන්හී නිමාව රඳැල්ලට ගෙන යා හැකිනම් පැමිණෙන බොහෝ සංචාරකයන්ට රටේ ලස්සන බලා නැවතී යාමට,එය නිහඬව කරන ඇරයුමක් විය හැකියි.

කොළඹ සිට හෝමාගමට ටර්ෆ් නැති පාසල් ගැන කතා කරන්නේ ජාතික ක්‍රිඩා සභාවේ සභාපතිවරයා.නමුත් ලංකාවෙ වැඩිම දෙනෙක් ක්‍රීඩා කරන මලල ක්‍රීඩාවේ නියැලෙන අයට මේ රටෙන් ධාවන පාවහන් දෙකක් මිලට ගන්න බැරි තරමට බදු ප්‍රශ්නය එක්ක ක්‍රීඩා භාණ්ඩ ලංකාවට ඒම නැවතිලා.ඒ වගෙම ලංකාවෙ කෘතිම ධාවන පථ තියෙන්නෙ කොළඹ විතරයි.අදවන විට සුගතදාස ක්‍රිඩාංගණයෙ පුහුණුව විශාල ප්‍රශ්නයක් වෙලා.ගෙවිම් ඉහළ දාලා.ඒවා නඩත්තු කරන්න ක්‍රීඩකයින්ගෙන් මුදල් අය කරන්නෙ නැතුව ගෘහස්ථ ක්‍රීඩාංගණය වටේම සහ සුගතාදාස එළිමහන් ක්‍රීඩාංගණය වටෙත් ව්‍යාපාරික ස්ථාන සඳහා ගොඩනැඟිළි හදන්න පුළුවන්.අවශ්‍යයනම් දියගමත් හමුදා රැකවල් අඩු කරලා සාමාන්‍ය ජනයාට විනෝද වෙන්න පුළුවන් මුදල් එන හෝටල් පරිශ්‍රයක් විනෝද ක්‍රීඩා එක්ක හැදුවොත් කොළඹ ආසන්නයේ කාර්ය බහුල ජීවිත ගත කරන අයට වැදගත් වේවි.
ඒ වගෙම තමයි අදත් ලංකාවෙ ආසියාතික මට්ටමේ ඉදිරියෙන්ම ඉන්න ක්‍රිඩිකාවක් නිර්මාණය වෙලා තියෙන (ඇයගේ විශිෂ්ඨත්වය සීමා වී ඇත්තේ තරග වැදීමේ අවස්ථා අඩු නිසා) මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව රිටි පැනීමේ ඉසව්ව පවත්වන්න ක්‍රීඩාංගණ දෙකක් පමණක් තියෙන නිසා ලංකාවෙ සියලු දෙනාට එය විවෘත වෙන්නෙ තරගකාරි අවස්ථාවක විතරයි.කොළඹ පාසල්වලට ටර්ෆ් ‌ නැති අඩුව කතා කරන අර්ජුන ට ලංකාවෙ පළාත් නවය ආවරණය වන පරිදි කළාවලට හෝ බෙදා ලංකාව වටේ කෘතිම ධාවන පථයක් කිහිපයක් එළීම කතා කරන්නෙ නැහැ.දුර දුවන ක්‍රීඩකයො සියයට 75 ක් විතර ගත කරන්නෙ වැලිමඩෙන් උඩට නුවරඑළිය දෙසට වෙන්නටයි.අඩුම තරමේ නුවරඑළියට ධාවන පථයක් නැති එක මාතෘකාවක් හැටියට පෙන්නන්නෙ නැහැ.
කොළඹ සහ මාතලේ හොකී කෘතිම ධාවන පථවල තත්ත්වය බලන්න ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙන්න ඕනි.ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන්නෙත් මාතලේ.සමහර විට ක්‍රීඩා ඇමතිවරයා ඉන්න කෙනත් තමන්ගෙ ව්‍යාපර තියෙන මාතලේ දිස්ත්‍රික්කයටම කරණමක් ගහයිද දන්නෙ නැහැ.ඒ අයට ඒක බලන්න කියලා තමන් ඉගෙනගත්ත පාසල එහා පැත්තෙ සහ ඒ පාසලේ ක්‍රීඩා සංකීරණය ඉස්සරහ තියෙන හොකී පිටියේ තත්ත්වය ජනාධිපතිවරයාටම බලන්න පුළුවන්.

ක්‍රීඩාව ව්‍යාපාරයක් විදිහට පවත්වාගෙන යන්න පුළුවන් විදිහට වැඩ සටහනක් නැහැ.රිඩ් ඇවනිව් එකේ තේ එකක් බොන්න කඩයක් නැහැ.ඒ තැන්වල ක්‍රීඩාවට හානියක් නොවන විදිහට ක්‍රිඩා භාණ්ඩවලට ආහාරපානවලට ව්‍යාපාර කරන තැන් හැදෙනවනම් ඒවායේ ආදායම ජාතික ක්‍රිඩා අරමුදලට එයි.ඒ මුදල් යොදන අයට කියලා උත්සාහ කළොත් හොකි පිටිය හදාගන්න ලැබෙයි.
මහා භාණ්ඩාගාරයටම හැරිලා තියෙන ක්‍රීඩා සංගම් සහ සම්මේලන වගේම ක්‍රිඩා අමාත්‍යංශයටත් ආදායම් උපයන්න පුළුවන් විදිහෙ ව්‍යාපාරවලට සම්බන්ධ වෙන්න ඉඩ අවශ්‍යය වෙනවා.නිකමට හිතන්න මලල ක්‍රීඩා සංගමයට ආදායමක් එන විදිහට ධාවන පථයක් සහ ඒ අවට ව්‍යාපාර මධ්‍යස්ථාන හැදෙනවනම්.
මේ ළඟදි කතාවට ලක් වූ ත්‍රෝ බෝල් සහ කෝ කෝ වගෙ ක්‍රිඩාවන් ආණ්ඩුවල වැඩි සහයක් නැතුව රට වටේ ගිහිං තියෙනවා.එහෙම කියන්නෙ ඒ තරගවලට ක්‍රීඩා කරන ක්‍රීඩකයො විසිරිලා ඉන්න තැන් අනුව.එහෙම එම ක්‍රීඩාවන් බදාගන්න හේතුව ඒවා රටට ඔරොත්තු දෙන තත්ත්වයේ පැවතීම විය හැකියි.මේ සම්බන්ධයෙනුත් ජනාධිපතිතුමාට ක්‍රිඩාව ගැන සිතන්නේනම් අවධානය යොමු කිරීම වටිනවා.

මෙහිදි ජනාධිපතිවරයා කියන ලද වැදගත්ම කතාව කරනවනම් හරියට කරන්න නැතිනම් ඔක්කොම අත ඇරලා දාන්න යන්නයි.ක්‍රිඩාවේ වචන තරමට වැඩ වී නැති බව එහිදි ඉතාමත් පැහැදිළි වුණා.එසේම නඟා සිටුවීම සඳහා විදේශ රටවල් සමඟ කතා කිරීමටත් ජනාධිපතිවරයා මැදිහත් වන බව පැවසුවා.එය ඉතාම වැදගත් කතාවක්.භෞතික පහසුකම් ලබා ගැනීම මෙන්ම දක්ෂයන් ක්‍රීඩාවන්ට ගැලපෙන පරිදි ඒ ඒ රටවලට යොමු කිරිම මෙහිදි වැදගත්.මේ මොහොතේ වඩාත්ම වැදගත් සේ හදුනාගත හැකි නෙත්මි අහිංසා මල්ලවපොර ක්‍රීඩිකාවට අධ්‍යාපනයටත් අදාළ වන සේ ශිෂ්‍යත්වයක් පිරිනැමිය හැකිනම් වැදගත්.

නමුත් ජනාධිපතිවරයාට මේ විදේශ පහසුකම් දිනා ගැනීම වෙනුවෙන් කතා කරන්න නියමිත රටවල් 197 ක් ම ශ්‍රී ලංකාවේ පාපන්දුව තහනමට එකඟ වී ඇති බවත් දැන ගැනීම වැදගත්.එසේම මේ වන විට ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ද විශේෂ පරික්ෂාවක් කරමින් සිටිනවා දේශපාලන අත පෙවීම් ගැන.එවැනි තත්ත්වයක ක්‍රිඩා අමාත්‍යවරයාට පැහැදිළි කර දිය යුතු වැදගත්ම දේ ජාත්‍යන්තරව ඒ ඒ ක්‍රිඩාවන් දරණ ස්ථාවරයන් අභිබවා යන්න උත්සාහ නොකරන ලෙසයි.ඊයේ සමහර අර්ජුන රණතුංගගේ අදහස් දැක්වීම් හරියටම තේරුම් ගතහොත් අමාත්‍යවරයා උපදෙස් ලබන්නේ කිනම් පිරිසකගෙන්ද යන්නත් පැහැදිළි කර ගැනීමට පුළුවන්.
දැනට ජාත්‍යන්තර තහනම් වි තිබෙන පාපන්දු සහ ආසියාතික වශයෙන් තහනම් වි තිබෙන රගර් සඳහා වගකිව යුත්තේ ක්‍රීඩා අමාත්‍යංශය බව අමාත්‍යවරයා නොදැන සිටින්නේ මන්දැයි සිතා ගන්නට අපහසුයි.සමහර විට දැන දැනම උද්ධච්ඡකම නිසා හෝ නිලධාරීන් රවටන නිසා අමාත්‍යවරයා එසේ කියනවාදැයි යන්න සොයා ගන්නට හැක්කේ ද ජනාධිපතිවරයාටම පමණයි.

පාපන්දු හිටපු සභාපතිවරයාට ඇති චෝදනා සම්බන්ධයෙන් අප වෙබ් අඩවිය ද ඇතුළුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය අද අමාත්‍යවරයා කියන කරුණු ගැන ඇති තරම් හෙළිදරව් කිරිම් කර ඇත.නමුත් 2022 මැයි මාසයේ ඇමති තනතුරේ වැඩ භාරගත් අමාත්‍යවරයා තමන්ගේම අමාත්‍යංශයේ තියෙන ආයතන වන වෛද්‍ය ඒකකය සහ ක්‍රීඩා විදයායතනය දකින්නට ගියෙත් මේ මෑත දිනකය.එතරමට ඔහුට වැඩ ඇත.විදේශයන්හී ගත කළ කාලය ගැන අමාත්‍යංශයෙන්ම දැන ගන්නට හැකිය.ඒ නිසා එම හෙළිදරව් කිරීමට අමාත්‍යඞශය මැදිහත් වන විට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ද එයට ඇතුල් වි හමාරය.අමාත්‍යංශය ක්‍රිඩා අමාත්‍යවරයා,අමාත්‍යංශ නිලධාරින්,ජාතික ක්‍රිඩා සභාව සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ පාපන්දු ඉදිරි වැඩ ගැන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ සාකච්ඡා කර ගත් තීරණ අනුව නිලවරණය නොපැවත්වීම මේ තහනමේ ප්‍රධාන සාධකයක්ය යන්න තේරුම් ගත හැකිනම් ක්‍රීඩා අමාත්‍යංශය වෙන කිසිවක් කර පලක් නැත.පාපන්දු සම්මේලනය සමඟ එකඟ වූ පරිදි නිලවරණයක් පවත්වා නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනිමට අවධානය යොමු කළ යුතුය.වැරදි පෙන්නා හිටපු සභාපතිට වඩා යහපත් බව කියා ඇමතිතුමාගේ නිහඬ ආශිර්වාදය හිමි වූ වත්මන් නොනිල සභාපතිවරයා ද මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරයේය.

ආසියානු රගර් තහනම පවතින්නේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පැන වූ තහනම් නියෝගය පදනම් කර ගෙනය.එය බල රහිත කරන්නට අධිකරණයට ඉදිරිපත් වූ යෝජනාව ඔස්සේ අධිකරණය ඊ ළඟ අවස්ථාවට නිලවරණය පවත්වන්නට ද අවසර දුන්නේය.දැන් තිබෙන්නේ එම අවසරය දෙන අතර ක්‍රීඩා අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට දුන්න එම ගැටළුවට හේතු වූ පාර්ශවයන්ට තත්ත්වය පැහැදිළි කර එයට විසඳා අධිකරණයට වාර්තා කරන සේ කරන ලද දැන්වීම තවමත් ඉටු නොකිරීමය.එම කොන්දේසිය ඉටු කළ පසු නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පැන වූ තහනම සපුරාම ඉවත්වෙන අතර එය පාදක කරගෙන ආසියානු රගර් තහනම ද ඉවත්වෙනු ඇත.

මේ කාරණා සමඟ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අදාළ කරුණු ක්‍රියාත්මක කිරීම ද අධිකරණය තාවකාලිකව නවතා දමා ඇත.මේ කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිඩා සංගම් ද නොසතුට පළ කරමින් තමන්ගේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩා පරිපාලනයන්ට ආශිර්වාද කරමින් සිටියි.එය රටේ බොහෝ ක්‍රීඩාවන් ජාත්‍යන්තර වශයෙන් තහනම් වීමට ඇති ඉඩයි.ක්‍රිකට් සම්බන්ධයෙන් ද තත්ත්වය මෙසේ වි ඇත්තේ සහ ජාත්‍යන්තරය පරීක්ෂණ පවත්වන්නේ ඇයි යන්න ජනාධිපතිවරයාට ඊයේ සාකච්ඡාවේදීම වැටහෙන්න ඇත.
ඒ නිසා ජනාධිපිතවරයා මේ ගැටළු ගැන අදාළ ක්‍රිඩා සංගම් ප්‍රධානීන් සහ අමාත්‍යවරයා එකට තබා කතා කිරීම වැදගත්ය.පාපන්දුනම් දෙපාර්ශවයම කැඳවන්නට වනු ඇත.එසේ කතා කර ජාත්‍යන්තර හැඩයට නැවත රටේ ක්‍රීඩා පණත සැකසීම සඳහා ජාතික ඔලිම්පික් කමිටුව හරහා එහි නීති රෙගුලාසි ද,අනෙක් සංගම්වල ජාත්‍යන්තර නීති රෙගුලාසි ද අධ්‍යයනය කරන්නට සහ අලුත් කෙටුම්පත් කිරිමට අවශ්‍යය දත්ත එක් රැස් කර ගැනිමට නීති විශාරදයන් පිරිසකට භාර දිය යුතුය.එතෙක් අමාත්‍යවරයාගේ වාරණයට ලක් කර තිබෙන නව නීති ඉවත් කරමින් සහ අමාත්‍යංශය විසින් අධිකරණයට දැන්විය යුතු විසදීම් පමා කිරීම නිසා ක්‍රියාත්මක ආසියානු රගර් තහනම ඉවත් කිරීමට අවශ්‍යය වැඩ කටයුතු කරමින් ක්‍රීඩාව පොළවේ ගැටළුවලින් තොර තැනක් කිරිම අත්‍යවශ්‍යය වන්නේය.

අනතුරුව ශ්‍රී ලංකාවට ඕනි විදිහට ක්‍රීඩාව මෙහෙයවන්න නොහැකි බව ක්‍රීඩා අමාත්‍යවරයාට අවබෝධ කර දී ජාත්‍යන්තර විදිහට හැසිරෙන්නට අවශ්‍යය පාඩම ලබා දීම වැදගත් වනු ඇත.මේ තිබෙන තත්ත්වය තුළ ජනාධිපතිවරයාට ක්‍රීඩාව වෙනුවෙන් කළ හැකි ඇති බලවත්ම රාජකාරිය ජාත්‍යන්තර වශයෙන් ගැටළු ඇත්වෙන ආකාරයේ මැදිහත්වීම් කර අවුලක් බවට පත් කර තිබෙන ක්‍රීඩාව ඉන් මුදවා ගැනීමය.එතැන් සිට බොහෝ දේ කරනු හැකි වනු ඇත.ලෝකයට ගැලපෙන ක්‍රීඩාව ලෝකයට අනුව ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් බව ක්‍රිඩා අමාත්‍යවරයා ඇතුළු බලධාරින්ට වටහාදීම ජනාධිපතිවරයා මේ මොහොතේ කළ යුතු ක්‍රීඩාව වන්නේය.

නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan