සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 27, කොළඹ (LNW): රු.12,500 – 17,500 දක්වා ජාතික අවම වැටුප දක්වාද, ජාතික අවම දෛනික වැටුප රු.500 සිට රුපියල් 700 දක්වාද වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නියෝජනය කරන වෘත්තීය සමිති සහ සේවායෝජකයන් ඇතුළත් ත්‍රෛපාර්ශවීය අනුකමිටුක නිර්දේශ අනුව මෙලෙස වැඩි කිරීමට අනුමැතිය ලබාදී ඇත.
මෙම කමිටුව පත් කර ඇත්තේ ජාතික කම්කරු උපදේශක සභාවේද නිර්දේශ අනුව බව පැවසේ.
මෙම අනුමැතීන් අනුව 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීමටද කැබිනට් අනුමැතිය ලබාදී ඇති බව සඳහන් වේ.