හිටපු ජනාධිපති මෛත්‍රී අද අධිකරණයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27, කොළඹ (LNW): හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (27) දින අධිකරණයට කරුණු වාර්තා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නා ලෙසද ඉල්ලීමක් කිරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම තීරණය ගෙන ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු දුන් ප්‍රකාශය ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුව, පසුගිය 22 වැනි දා මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරදී මාධ්‍ය වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පෙරේදා ප්‍රකාශයක් ලබා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...

සමගි ජන බලවේගයට වසර 6යි. කතරගම කිරිවෙහෙරේ ආශිර්වාද පින්කමක්

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ 6 වැනි සංවත්සරය...

ශ්‍රමික ප්‍රේෂණ, සංචාරක පැමිණීම් සහ මහ බැංකුවේ මැදිහත් වීම්

විදේශ අංශය දෙස බලද්දී වසරේ ආරම්භය නරක නැහැ. ජනවාරි...

ඉස්සෙල්ලා බලන්න ඕනෙ ඡන්දෙට එන්න හීන දකින මනමාලයා තව මාස කීයක් එළියෙ ඉඳියිද කියලා – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණය තමන්ගේ වගකීම ඉතාම ඉහළින්ම ඉටුකරන...