රජරට සරසවියෙන් වාර්තාවක් – පුල්මුඩෙන් සර්කොනියම් හමුවෙයි!

Date:

කොළඹ LNW:ජෙට් සහ ගුවන් යානා එන්ජින් ඇතුළු අධික උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නා මූලද්‍රව්‍යක් වන සර්කොනියම් සෙරමික් මූලද්‍රව්‍යය මෙරට පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් පළමු වරට සොයා ගෙන තිබේ.

ඒ රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයක දීය. එම මූලද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය පේටන්ට් බලපත්‍රයද හිමිව ඇත්තේ ද රජරට විශ්ව විද්‍යාලයට යි.

ආවර්තිතා වගුවේ 40 වැනි මූලද්‍රව්‍ය වන සර්කෝනියම් ඉතා දැඩි උෂ්ණත්වයකට පවා ඔරොත්තු දිය හැකි මූලද්‍රව්‍යයක් වන අතර මෙම මුලද්‍රව්‍යය උපයෝගී කරගනිමින් ජෙට් සහ ගුවන් යානා එන්ජින්,සෙරමික්,බල්බ පිලමන්ට් නිෂ්පාදනය සිදුකෙරෙයි.

අස්ථි සැක්කම් සහ දන්ත සැත්කම් ආදිය සඳහාද සර්කෝනියම් උපයෝගී කරගනු ලබන බව සඳහන්.

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සර්කෝනියම් මූලද්‍රව්‍යය සොයාගෙන නොතිබූ අතර රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් එම මූලද්‍රව්‍ය මෙරට පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් සොයා ගැනීමට සමත් වී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...