පාසල් දැරියන්‍ට සහනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27, කොළඹ (LNW): පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත සනහනයක් වීම සඳහා, එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා කියා සිටියේ, දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හදුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව සනීපාරක්ෂක තුවා බෙදාදීම‍ට පියවර ගන්නා බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ, මේ සඳහා රජය විසින් වැය කිරීමට අපේක්ෂිත ප්‍රතිපාදනය රුපියල් බිලියනයක් පමණ වන අතර,එක් වවුචර පතක ව‍ටිනාකම රුපියල් 1200ක් පමණ වන බවත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුරුදුවලින් පාසල් දරුදැරියන් සවිමත් කරමින් ආර්ථික අපහසුතා සහිත පවුල්වල දැරියන්ට සහාය ලබාදීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වන බවයි,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කිසිවෙකුට කිසිවකින් දෙවැනි නොවුණු සාරංග LANKA RIDE කිරුළු පළදයි

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: වර්ෂ 2011 දී මාතරින්...

ඉරාන උත්තරීතර නායකයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...