ආර්ථික යුක්තිය වෙනුවෙන් අප්‍රේල් 02 සිට නැවත අරගලයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 27, කොළඹ (LNW): සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය ඉටුකර ගැනීමේ අරගලය අප්‍රේල් දෙවනදා සිට නැවතත් අරඹන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවසුවේ මෙවන් අදහසක්,

” සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් තාක්ෂණික වාර්තාවට දින 25ක් තුළ උත්තර නැහැ. සෞඛ්‍ය ඇමතිවරයා ගැටලුව විසඳීම සඳහා විශාල උත්සාහයක් ගත්තත් අවසන් සාකච්ඡාව අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙන තත්ත්වයක් හමුවේ වර්ධනයකින් තොරව ගැටලුව විසඳා ගැනීමට ඇති ඉඩකඩ අවහිර වී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිචාරය ප්‍රමාද වීම නැවත වර්ජනයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක්.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අප්‍රේල් මස දෙවැනිදා උදෑසන හයයි තිහේ සිට නැවත අත්හිට වූ දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. මෙම වර්ජනය සඳහා මාතෘ රෝහල් පිළිකා රෝහල් ළමා රෝහල් සහ වකුගඩු රෝහල් දායක කර ගැනීමට මෙතෙක් තීරණය කර නොමැති නමුත් ඉදිරියේදී රජය දක්වන ප්‍රතිචාර අනුව ඒ පිළිබඳවද තීරණය කිරීමට අද රැස්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නායකත්ව මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මෙම ක්‍රියාමාර්ගයට සමගාමීව හෙට දිනයේ සිට මහජනතාව දැනුවත් කිරීමටත් මහජනතාව අතර අත්පත්‍රිකා බෙදා දෙමින් මෙම වර්ධනයේ වගකීම සාකච්ඡා මගහරින පාර්ශවයන් විසින් දැරිය යුතු බැවින්, ඒ පිළිබඳව මහජනතාවගේ සහයෝගය තමන්ට ලබා දෙන ලෙසත් සියලු රෝහල් ඉදිරිපිටදී ඉල්ලීමක් සිදු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය වැළැක්වීම සඳහා වගකීමෙන් කටයුතු කරන ලෙස බල කරමින් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් අප්‍රේල් මස පළවෙනි දින සියලු ප්‍රධාන රෝහල් ඉදිරිපිට පැවැත්වීමටත් පැවැත්වීමටත්, සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කොට තිබෙනවා” ලෙස කියා සිටී..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගම Global Performance Excellence සම්මානය දිනා ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW : CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල්...

ඖෂධවල උපරිම මිල ක්‍රියාත්මක දැයි සොයා දිවයින පුරා විමර්ශන!

කොළඹ LNW: උපරිම සිල්ලර මිල නියම කළ ඖෂධ වර්ග...

ටේප්බෝල්වලින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තයෙන් ටේප්බෝල් ප්‍රවර්ධනය

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය...