පස්වැනි බිම්ස්ටෙක් සමුළුව කොළඹ දී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයයි

Date:

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සමුළුව ශ්‍රී ලංකා රජය විසින් ලබන සතියේ 2022 මාර්තු 28-30 දිනවල දී දෙමුහුන් ආකාරයෙන් කොළඹ දී පවත්වනු ඇත.

2022 මාර්තු 28 සහ 29 යන දිනවල දී පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම සහ අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, මියන්මාර විදේශ අමාත්‍යවරයා අතථ්‍ය ලෙස ඊට සහභාගී වනු ඇත.

බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල නායකයින්ගේ අතථ්‍ය සහභාගීත්වයෙන් යුතුව, ශ්‍රී ලංකාවේ ජනාධිපති 2022 මාර්තු 30 වන දින 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේ මුලසුන හොබවනු ඇත. මියන්මාරය නියෝජනය කරමින් මියන්මාර විදේශ අමාත්‍යවරයා මෙම සමුළුව සඳහා සහභාගී වනු ඇත.

සමුළුව සහ ඊට පෙර පැවැත්වෙන රැස්වීම් අතරතුර දී, නියෝජිතයින් විසින් බිම්ස්ටෙක් හි ප්‍රගතිය පිළිබඳව කලාපීය කණ්ඩායමක් ලෙස සාකච්ඡා කරනු ඇත.

මෙම සමුළුවේ දී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද අපේක්ෂා කෙරේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 මාර්තු 26 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...