*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

හැව්ලොක්ස්ට සහ නාවිකයන්ට දෙවන වටයේ දී ජයග්‍රහණ

නිපොන් පේන්ට් ජාතික රගර් ලීග් තරගාවලියේ දෙවන වටයේ තරගවලදී සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම පරාජය කරමින් හැව්ලෝක්ස් කණ්ඩායම ලකුණු 38 -15 ක ජයක් ලබා ගත්තේ කුසලානය සඳහා තරග වදින කණ්ඩායම් අට අතරේ තරගයකදී ය.පළග සූරතාවය සඳහා තරග වදින කණ්ඩායම් අතරේ තරගයක් වූ නාවික හමුදාව සහ යුද හමුදාව අතර පැවති තරගයේ ජයග්‍රහණය හිමි වූයේ නාවික හමුදාවටය.එහි ලකුණු තත්ත්වය 22- 6 ක් ලෙස දැක්විණි.

සීඑච් කණ්ඩායමට පළමු වටයේ දී හැව්ලොක්ස් ක්‍රීඩකයින් මුණ ගැසුණේ හැව්ලොක්ස් පිටියේදීමය.එහිදී සීඑච් කණ්ඩායම සිය නිවසට පැමිණ එල්ල කළ තර්ජනය අපහසුවෙන් මැඩ ගත් හව්ලොක්ස් කණ්ඩායම ලැබුවේ ලකුණු 20 – 17 ක් වූ සියුම් ජයක් ය.නමුත් ඊයේ (මාර්තු 26) දෙවන වටයේ මුණ ගැසීම සඳහා තුරග තරග පිටියට පිවිසි හැව්ලොක්ස් කණ්ඩායම තරමක අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කරමින් සීඑච් කණ්ඩායමට ලකුණු 38 – 15 ක පරාජයක් අත් කර දුන්නේය.

තරගයේ පළමු අර්ධය නිමවන විට සීඑච් ක්‍රීඩකයින් යම් තර්ජණයක් වෙන බව පෙන්වමින් හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 19 ක් ලබා ගනිද්දී ලකුණු 15 ක් එක් කර ගැනීමට සමත් විය.නමුත් දෙවන භාගය සපුරා සිය අණසකට ගත් හැව්ලොක්ස් ක්‍රීඩකයෝ පළමු අර්ධයේ තරමටම ලකුණු රැස් කළහ.එම ලකුණු 19 වඩාත් වැදගත් වන්නේ පළමු අර්ධයේ ලකුණු 15 ක් රැස් කළ සිඑච් කණ්ඩායමේ ලකුණු යන්ත්‍රය සම්පූර්ණයෙන්ම අක්‍රිය කර ලබා ගත් ලකුණු 19 ක් බැවින්ය.

හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් කැපී පෙණුන දස්කම් දැක් වූ ඩේමියන් රත්වත්ත උත්සාහක දිණුම් දෙකක් ලබා ගනිමින් සහ හැව්ලොක්ස් කණ්ඩායම ලබා ගත් මුළු උත්සාහක දිණුම් ප්‍රමාණය වූ හයෙන් තුනක ප්‍රවර්ථනවලට නිසි ඉලක්කය ලබා දෙමින් ද එම කණ්ඩායමට එකතු කර දුන් ලකුණු ප්‍රමාණය 16 ක් විය.නිපුල් අතුකෝරල,නිශොන් පෙරේරා,ක්‍රිසටියන් ද ලිලී සහ රන්දිත වර්ණපුර ද හැව්ලොක්ස් ලකණු පූවරුව පොහොසත් කරන්නට උත්සාහක දිණුම්වලින් දායක වූ අතර හැව්ලොක්ස් පිළට පළමු උත්සාහක දිණුම එක් කළ ඩේමියන්ගේ උත්සාහය සාර්ථක වීමෙන් අනතුරුව එහි ප්‍රවර්ථනය සාර්ථකව නිම කළේ සන්තුෂ් අල්ගම ය.

සීඑච් කණ්ඩායම වෙනුවෙන් තරගයේ වාර්තා වූ උත්සාහක දිණුම් දෙකම තරගය ආරම්භ වී මුල් විනාඩි පහේදී වාර්තා වීම කැපී පෙණින.එම උත්සාහක දිණුම් දෙකේ උරුමක්කාරයන් වූයේ අවන්ත ලී සහ ජනිඳු ඩිල්ෂාන් ය.ඉන් එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක කරගත් රෝහිත රාජපක්ෂ දඩුවම් පහරකින්ද ලකුණු ලබා දීමට සමත් විය.

පළඟ සූරතාවය සඳහා තරග වඳින් නාවික හමුදාව සහ යුද හමුදාව අතර තරගයේ ස්වරූපය පළමු වටයේ මේ කණ්ඩායම් දෙක හමු වූ අවස්ථාවට වඩා බෙහෙවින් වෙනස් මුහුණුවරක් ගත්තේය.එහිදී හැව්ලොක්ස් පිටියේදී හමු වූ මේ කණ්ඩායම් දෙක අතර තරගය නිමා වූයේ යුද හමුදාවට ලකුණු 18 – 13 ක ජයක් හිමිකර දෙමින්ය.නමුත් ඊයේ (මාර්තු 26) දෙපිළ අතර හමුවේ තීරණය ඊට වඩා වෙනස් විය.වැලිසර නිවික හමුදා පිටියෙදි හමු වූ දෙපිළ අතරින් ජයග්‍රහණය නාවික හමුදාවට හිමි වූ අතර ලකුණු තත්ත්වය වාර්තා වූයේ 22 – 6 ක් ලෙස ය.

තරගයේ ප්‍රථම අර්ධය තුළම නාවික හමුදාව ලබා ගත් ලකුණු 22 න් 19 ක් ම වාර්තා විය.ඊට පිළිතුරු ලෙස යුද හමුදාව ලබා ගත් මුළු ලකුණු ප්‍රමාණය වූ ලකුණු 6 ද වාර්තා වූයේ පළමු අර්ධයේදිම ය.දෙවන අර්ධය ඇල්මැරුණු ලකුණු පූවරුව නිද කිරන සමයක් වූ අතර එහිදී ලකුණු පූවරුවේ ඇති කරන ලද එකම වෙනස්කම සිදු කිරිමේ ගෞරවය දිනා ගත්තේ නාවික හමුදාවේ ස්ටීවන් සන්සෝනි ය.ඒ ඔහු දඩුවම් පහරක් සාර්ථක එල්ලයට යොමු කරමින්ය.

නාවික හමුදාව වෙනුවෙන් නිරෝෂ් පෙරේරා,අදීශ වීරතුංග සහ රදීශ සෙනවිරත්න උත්සාහක දිණුම් වාර්තා කළහ.ඉන් දෙකක ප්‍රවර්ථන මඟින් සහ දඩුවම් පහරක් මඟින් නාවික හමුදා ලකුණු පූවරුව ඉහළ දමන්නට ස්ටීවන් සන්සෝනිගේ දායකත්වය ලැබිණි.යුද හමුදාව ලැබූ ලකුණු 6 තරිඳු මධුශාන් ගේ නිසි එල්ලය ලැබුණු දඩුවම් පහර දෙකකින් වාර්තා විය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan