ලෝකය ඉදිරියේ අපි යාචක රටක් වෙලා, ඩොලර් හිගාකන්න මොකටද පාලකයෙක් ? – අනුර දිසානායක

Date:

රටට සෞභාග්‍යය උදා කිරීමට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් පාලකයන්, ශ්‍රී ලකාව ලෝකය ඉදිරියේ යාචක රටක් බවට පත්කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. එදිනෙදා අවශ්‍යතා පියවා ගැනීම සඳහාද ලෝකයෙන් හිඟාකන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි ඔහු පවසන්නේ.

පසුගියදා බංග්ලාදේශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ලබාගත් බවත්, පකිස්තානයෙන් ඩොලර් මිලියන 200 ක් සහ ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ණයට ලබා ගත් බවත් පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ මේ සියලු ණය ලබාගෙන තිබෙන්නේ සංවර්ධන ව්‍යාපෘති සඳහා නොව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා බවයි.

කිරිපිටි ආනයසය සඳහාද ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක් හිඟා කෑ ආණ්ඩුව චීනයෙන් තවත් ඩොලර් බිලියනයක් ඉල්ලා ඇති බවද දිසානායක මහතා පවසනවා. මේ වනවිට දරුණු යුද්ධයකට පැටලී සිටින රුසියාවෙන්ද ණය ලබා ගැනීමට තරම් රට බංකොලොත් වී ඇති බවද ඔහු සඳහන් කරනවා.

මෙම ණය ලබා ගැනීම හරහා විවිධ කොන්දේසිවලට යටත්වීමට සිදුවන බවත්, ඒ හරහා රටේ සම්පත් විදෙස් රටවලට විකුණා දැමීමට සිදුවන බවත් ජාජබ නායකයා පෙන්වා දෙනවා. අනාගත පරපුරට ඉතිරි වන්නේ වරායේ අයිතිය නොමැති, ජල අයිතිය නොමැති, විදුලි බලාගාරවල අයිතිය නොමැති, කඳුකරයේ වටිනා වනාන්තර අයිති නැති රටක් වන බවද ඔහු ප්‍රකාශ කරයි.

අනුර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ හමුවක් අමතමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...