*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ධනුෂ්ක සහ උෂාන් ඇමෙරිකාවේ සිට චීනයට

ශ්‍රී ලංකාවේ මීටර් 8 ක් දුර පැනීමේ හීනය සැබෑ කරගත් පොකුර අතරට අලුතින්ම එක් වූ ධනුෂ්ක සඳරුවන්,ඇමෙරිකාවේ ටෙක්සාස් හී මයික් ඒ.මයර්ස් ක්‍රීඩාංගණයේ පැවති දුර පැනීමේ ඉසව්වේ දී මීටර් 8.10 ක දකුෂතාවයක් දක්වමින් චීනයේ හැන්ෂෝයි හී පැවත්වෙන ආසියානු තරගාවලිය නියෝජනයට සුදුසුකම් ලබා ගැනීමේ දුර ඉක්මවා යාමට සමත් විය.මෙහි දී මීටර් 8 ඉක්මවා ගිය පිමි දෙකක්ම වාර්තා කරන්නට ධනුෂ්කට හැකි වූ අතර ඔහුගේ මීටර් 8.10 පිම්ම මේ වසරේ ලොව වාර්තා වූ හොඳම පිමි අතර අටවන තැනට පත්විම ද මෙහිදි සිදු වූ විශේෂ සිදුවිමකි.ඒ අනුව ධනුෂ්කට ද ඇමෙරිකාවේ ටෙක්සාස් සිටම ආසියානු මලල ක්‍රීඩා උළෙලට සපැමිණීමට නියමිත උස පැනීමේ සූර උෂාන් තිවංක පෙරේරා සමඟ එක්වන්නට හැකි වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා,ක්‍රීඩා අමාත්‍යංශය වැනි ක්‍රීඩාවට වගකිව යුතු ස්ථාන මේ වන විට ප්‍රතික්ෂේප කර තිබියදී පවා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් පුහුණුව ලබා දෙන කියුබානු ජාතික ලුවිස් මිරැන්ඩා විසින් ශ්‍රී ලංකාවේ දුර පැනීමේ දුර මීටර් 8 සීමාවට ගෙන එන්නට මුල් වූ පුද්ගලයාය.ඔහු යටතේ පුහුණුව ලබන ධනුෂ්ක තරගයෙන් අනතුරුව ජයග්‍රහණයේ සියලු ගෞරවය ඔහුටත්,සහය පුහුණුකරු නයන ප්‍රසාද් ධර්මරත්නටත් පුද කළේය.ජාතික ක්‍රීඩා සභාවේ මලල ක්‍රීඩාව සම්බන්ධ විශේෂ දැණුමක් තියෙන කිසිවෙක් නැති අතර ඒ නිසා ලුවිස් මිරැන්ඩා වැනි පුහුණුකරුවන්ගේ ප්‍රායෝගික වැදගත්කම වැඩි අවධානයකට යොමු වන්නේ ද නැත.ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ද පෞද්ගලිකව පැනීම් ඉසව් පුහුණුවේ නිරතවන අයෙක් බැවින් ඔහුද අවංකව සහයක් දක්වමින් මේ අවශ්‍යයතාවයට මැදිහත් වේ යැයි සිතිය නොහැක්කේ ඔහු පුහුණුකරු වෘත්තීයේදී මිරැන්ඩා හා තරගකාරයෙකු බැවින්ය.

කෙසේ හෝ ධනුෂ්ක වසින් පෞද්ගලික හොඳම පිම්ම වාර්තා කර මෙම ක්‍රීඩා උළෙලේ තෙවන තැන දිනා ගත් අතර පළමු ස්ථානය හිමි වූයේ බ්‍රිතාන්‍ය නියෝජනය කළ ජාකොබ් ෆින්චම් ඩියුක්ස් ට ය.ඔහුගේ පිම්ම මීටර් 8.45 ක් වූ අතර එය මේ වසරේ වාර්තා වූ හොඳම පිමිම බවට පත් වන්නේය.දෙවන ස්ථානය දිනූ ඇමෙරිකාවේ ජොනී බ්‍රැකින්ස් ගේ මීටර් 8.17 ක පිම්ම මේ වසරේ ලොව හොඳම තෙවන පිම්ම බවටත්,ධනුෂ්කගේ පිම්ම ලොව හොඳම අටවන පිම්ම බවටත් වාර්තා අතරට එක් වන්නේය.
මේ තරගයටම එක් වූ උෂාන් තිවංක පෙරේරා සිය විවාහ උත්සවයෙන් පසුව සහභාගි වූ මෙම තරගයේදී ම මේ වසරේ ලොව හොඳම සිව්වන පිම්ම වාර්තා කරන්නට සමත් විය.ඇමෙරිකාවේ වර්නර් ටර්නර් ඉසව්වේ ජයග්‍රාහකයා බවට පත්වෙමින් මීටර් 2.30 දක්ෂතාවයක් පෙන්වා වසරේ හොඳම දස්කම හා සම වන්ට සමත් විය.තෙවන ස්ථානයට පත් වූ එර්නස්ට් සියර් මීටර් 2.27 ක දස්කමක්ම පෙන්වමින් මෙහිදී ලොව හොඳම පිමි අතර පස්වන ස්ථානයේ සිය පිම්ම රඳවා ගත්තේය.

උෂාන්ගේ තරගය තියුණු මුහුණුවරක් ගත් අතර මීටර් 2.24 ක් දක්වාම කිසිඳු බිඳ වැටීමකින් තොරව උෂාන් ජයග්‍රහණය කළේය.වර්නර් මෙන්ම මෙන්ම තෙවන ස්ථානය දිනූ එර්න්ස්ට ද මීටර් 2.24 බැරියරය ඉක්මවා ගියේ තෙවන උත්සාහයෙන්ය.ඉන් අනතුරුව මීටර් 2.27 දෙවන උත්සාහයන්ගෙන් සම්පූර්ණ කරන්නට සමත් වූ උෂාන් සහ එර්නස්ට් මීටර් 2.30 උත්සාහයන්වලදී අසාර්ථක වූහ.වර්නර් මීටර් 2.27 පැනීම අතහැර කෙළින්ම මීටර් 2.30 උස තෝරාගත් අතර ඔහු එය දෙවන උත්සාහයේදී සාර්ථක කර නොගන්නට ඔහුට තරගයේ තෙවන තැන හිමිවන්නට තිබිණි.වර්නර් මෙහිදී උසකින් පසුව එන ඊ ළඟ උස අත හරිමින් වෙනස්ම ආකාරයට තරග වැඳුණු අතර ඔහු වරක් මීටර් 2.18 උසද තරණය කළේ තෙවන උත්සාහයෙන් විය.

පළමු ස්ථාන දිනූ ක්‍රීඩකයින් තිදෙනාම මීටර් 2.10 උසෙන් පැනිම ආරම්භ කළ අතර මීටර් 2.24 වන තෙක්ම කිසිඳු බිද වැටීමකින් තොරව පැමිණිමට සමත් වූයේ උෂාන් ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan