ලංවිම කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් අත්හිටුවයි – අලුත්වැඩියා කටයුතු ඇණහිටින ලකුණු !

0
383

ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති කටයුතුවල නිරත කොන්ත්‍රාත් සමාගම් වෙත සිදු කරන ගෙවීම් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය මේ වනවිට දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර මේ නිසා කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවීම් සිදු කිරීමට නොහැකි වී ඇත.

කොන්ත්‍රාත් සමාගම් වෙත සිදු කරන ගෙවීම් අත්හිටුවීම නිසා අදාල සමාගම් හරහා සිදු කරන අළුත්වැඩියා කටයුතු හා නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමද නතර වනු ඇති බවයි වාර්තා වන්නේ.

දැඩි මුල්‍ය අර්බුදයට පිළියම් ලෙස විදුලි බිල ඉහළ දැමීමට ඉල්ලීම සිදු කළද ඒ සඳහා අවසර හිමි නොවීය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here