සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K-8 වර්ගයේ ප්‍රහාරක පුහුණු ජෙට් යානාවක් වාරියපොල ප්‍රදේශයට පසුගිය 21 වනදා කඩාවැටුණු අතර ඊට හේතුව එහි නියමුවන්ගේ අත්වැරදීමක් බවට අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ ගුවන් යානය සම්බන්ධ වාර්තාවක් අනුව බවත් ගුවන් අනතුර සම්බන්ධ වාර්තාව තවමත් ලැබී නොමැති බවට ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කර ඇති ප්‍රකාශය ද නිවැරදි බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
“ගුවන් යානය සම්බන්ධයෙන් වාර්තාවක් තමයි ආවෙ. අනතුර සම්බන්ධයෙන් වාර්තාව තවමත් ලැබිලා නැහැ. ඒකට යම් දින කිහිපයක් ගතවේවි. එතකොට ගුවන් යානයේ වාර්තාවෙන් එළිදරව් වෙන දේ තමයි බිමල් රත්නායක ඇමතිවරයා කිව්වෙ. අනතුර සම්බන්ධයෙන්, මොකක්ද වෙන්න පුළුවන්, කාගෙද අඩුපාඩුව, වෙන කොහෙහරිද, ඒ පිළිබඳ සමස්ත අනතුර පිළිබඳ වාර්තාවෙන් තමයි අපට කරුණු කියන්න වෙන්නෙ. ඒ වාර්තාව ලැබුණාට පස්සෙ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හෝ ඒ අදාළ කරන බලධාරියෙක් කරුණු ඉදිරිපත් කරාවි”
ප්‍රශ්නය – ඒ කියන්නෙ කමිටු වාර්තාව ලැබිලා නෑ ?
“නෑ, තවම ලැබිලා නෑ”
ප්‍රශ්නය – ඇමතිවරයාගේ ප්‍රකාශය හරහා මේක ගුවන් නියමුවන්ගේ වරදක් බවට යනවා. එතන ඉන්නේ පුහුණු ගුවන් නියමුවෙක් සහ ගුවන් පැය ගණනාවක අත්දැකීම් තියෙන උපදේශක ගුවන් නියමුවෙක්. එතකොට ඔවුන්ගේ වැරැද්දකින් වෙච්චි බවට තමා සමාජගත වෙන්නෙ ?
“ගුවන් යානයේ වාර්තාව ඉදිරිපත් වුණාම එතැන දෝෂයක් නොමැති නිසා තවත් හේතු ගණනාවක් තිබිය හැකියි අනතුරට”
ප්‍රශ්නය – ගුවන් යානයේ වාර්තාවක් ඉදිරිපත් වෙලා නෑ. මේ කඩාවැටුණු ගුවන් යානය පිළිබඳ පරීක්ෂණ තවමත් යනවා, ඒ වාර්තාව එන්න අඩුම තව සති තුනකට වඩා යයි කියලා ඊයෙ ගුවන් හමුදාපතිතුමාම කිව්වා. මේ ඇමතිවරයා කියන්නෙ මීට මාස තුනකට කලින් චීන ඉංජිනේරුවන් ඇවිල්ලා මේ ගුවන් යානය පරීක්ෂා කරලා මේ ගුවන් යානයේ පියාසර හැකියාව පීළිබඳ දුන්න වාර්තාව. ඒක 2034 දක්වා වලංගුයි. ඒකෙ බඳ හොඳයි, එංජින් එක හොඳයි, ඒ වාර්තාව ගැන තමා අමාත්‍යවරයා කියන්නෙ. ඒකෙදි පැහැදිලිවම අමාත්‍යවරයා කියනවා මේ ගුවන් නියමුවන්ගෙ වැරැද්දක් නිසා තමයි මේක වුණේ කියලා. ඉතින් වැරදි දෙයක්නෙ සමාජගත කරන්නෙ ?
“අපි බලමු ඉතින් ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාව ආවාට පස්සෙ අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්, කොතැනද වරද වෙලා තියෙන්නෙ කියලා”
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
