සංවිධානාත්මක අපරාධ කල්ලි අප අතරටත් රිංගලා ! – මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සංවිධානාත්මක අපරාධ කල්ලි, පොලීසිය අතරටත් රිංගාගෙන ඇති බවත් ඇතැම් පොලිස් නිලධාරීන් එම කල්ලිවලට යටපත් වී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා පවසයි.

“නීතිය ක්‍රියාත්මක කළේ නැත්නම් අපට කොහොමත් සාමයක් තියෙන්නේ නෑ. ඒ දෙකයි අපට පැවරිලා තියෙන වගකීම. නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණයි අපට සාමය ස්ථාපිත කළ හැක්කේ. අද අපට සාමය ස්ථාපිත කරන්න බැරි ප්‍රධානම හේතු දෙකක් තියෙනවා. එකක් සංවිධානාත්මක අපරාධ, අනෙක මත්ද්‍රව්‍ය. මේ දෙක මැඬලීමේදී අපි මුහුණ දෙන ගැටලු රාශියක් තියෙනවා. මේ සංවිධානාත්මක කල්ලි අප අතරටත් රිංගලා තියෙනවා. අපේ නිලධාරීනුත් ඒ අයට යටපත් වෙලා තියෙනවා. එහෙම සිදුවීම් වාර්තා වෙලා තිබෙනවා. අන්න එවැනි වාතාවරණයක ඔබ ඔබේ මේ රාජකාරිය ඉෂ්ඨ කරන්නෙ”

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා මේ බව පැවසුවේ අපරාධ මර්දනයේදී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට ප්‍රශංසා සහතික සහ මුදල් ත්‍යාග පිරිනැමීම සඳහා ඊයේ (මාර්තු 26) කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...

සජිත් සහ එජාප කිහිප දෙනෙක් අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපක්ෂ නායක සමඟි ජන බලවේගයේ නායක සජිත්...