කැනඩාවේ ජාතික මැතිවරණය කඩාකප්පල් කරන බවට ඉන්දියාව, චීනය, ජපානය හා පකිස්ථානය යන රට වලට චෝදනා

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නි විසින් එළඹෙන අප්‍රේල් මස 28වන දින පැවැත්වීමට නියමිත කැනඩාවේ ජාතික මැතිවරණය ඉන්දියාව, චීනය, පකිස්ථානය සහ ඉරානය යන රටවල් වඩ වඩාත් නවීන සාවද්‍ය තොරතුරු ව්‍යාපාර හරහා ජාතික ඡන්දය කඩාකප්පල් කිරීමට උත්සාහ කරමින් සිටින බවට කැනඩාවේ ආරක්ෂක අංශ චෝදනා කර තිබේ.

ඒ අනුව, කෘත්‍රිම බුද්ධි මෙවලම් භාවිතා කරමින් ඡන්දදායකයින් රැවටීමට සහ ඩයස්පෝරා ප්‍රජාවන් නොමඟ යැවීමට ඉහත සඳහන් රටවල් උත්සහ කරමින් සිටින බවට තොරතුරු වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් කැනඩාවේ ඔත්තු ඒජන්සියේ නියෝජ්‍ය මෙහෙයුම් අධ්‍යක්ෂ සහ මැතිවරණ කාර්ය සාධක බලකායේ ආරක්ෂක සහ බුද්ධි තර්ජන සභාපති වැනේසා ලොයිඩ් සඳහන් කර තිබුණේ, විදේශ මැදිහත්වීම් ක්‍රියාකාරකම් තවදුරටත් සැඟවීමට ඔවුන්ගේ තාක්ෂනය භාවිතා කරන බැවින් එය හඳුනා ගැනීම වඩාත් අභියෝගාත්මක වනු ඇති බවයි.

කෙසේ නමුත්, කැනඩාවේ මැතිවරණ මැදිහත්වීම් සම්බන්ධයෙන් ඉන්දියාවට මීට පෙර ද චෝදනා එල්ල වී ඇතත්, එහි රජය එම චෝදනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...