බ්‍රිතාන්‍ය සම්බාධක ගැන හිටපු නාවික හමුදාපති කියන කතාව!

Date:

කොළඹ LNW:තමාට සහ අනෙකුත් හමුදා ප්‍රධානීන් දෙදෙනාට එක්සත් රාජධානිය පනවා ඇති සම්බාධක කිසිදු විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම්වූවක් නොවන බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පවසයි.

මෙරට යුද සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා කරමින් හිටපු නාවික හමුදාපතිවරයා ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව එක්සත් රාජධානිය සම්බාධක පැනවීමට ප්‍රතිචාර වශයෙනුයි ඔහු මේ බව පවසන්නේ.

ඒ අනුව කරන්නාගොඩ මහතා කියාසිටින්නේ යුද පිටියේදී මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණුවලදී ද බාහිර මැදිහත්වීමකට එරෙහිව රට ආරක්ෂා කිරීමේදී ද ස්ථීරව සිටිමින් ඊට මුහුණදුන් තමන්ට එක්සත් රාජධානිය පනවා ඇති අයුක්ති සහගත සම්බාධකවලට මුහුණදීමට සිදුවී ඇති බවයි.

පසුගිය මාර්තු 24වනදා නිවේදනයක් නිකුත්කරමින් එක්සත් රාජධානිය පැවසුවේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය,හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මෙන්ම කලක් LTTE සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන සිව්දෙනාට සම්බාධක පැනවීමට පියවර ගත් බවය.

මෙම සම්බාධක පැනවීම ගැන හියුමන් රයිටිස් වොච් සංවිධානයද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය පියවර නොගන්නා තාක්කල් යුක්තිය පසිඳලීම සඳහා ජාත්‍යන්තර පියවර ගත යුතු බවයි.

මෙම සම්බාධක ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ප්‍රතිචාර දක්වා තිබුණි. රාජපක්ෂ මහතා පැවසුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළේ තමා බවත් එක්සත් රාජධානිය මෙලෙස සම්බාධක පැනවීම හෙළා දකින බවත්ය.

එමෙන්ම බ්‍රිතාන්‍යයේ මෙම සම්බාධක පැනවීම ගැන රජයද ඊයේ නිවේදනයක් නිකුත් කළේය.

රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දක්වා තිබුණේ මෙම සම්බාධක එක්සත් රාජධානියේ රජය විසින් ගන්නා ලද ඒකපාර්ශ්වික පියවරක් බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ත්‍රස්ත විරෝධී පනත සැප්තැම්බරයේදී එයි!

කොළඹ LNW:නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය...

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි – නාමල්

රෂිකා හෙන්නායක අගෝස්තු 28 , කොළඹ LNW: සියළුම රණවිරුවන්ට වෘත්තිය...

යුක්රේනයේ කියෙව් වෙත එල්ල කරන ලද රුසියානු ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කාර්යාලවලට බරපතල හානි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(27)රාත්‍රියේදී රුසියාව විසින්...