නිශ්මං රණසිංහ කොළඹ මාර්තු 27, LNW:
ලංකාවේ සැප්තැම්බර් මාසෙ පැවත්වෙන ලෝක කුසලාන තරගාවලියක් ගැන මාධ්‍ය දැනුවත් කිරිම මාර්තු මාසෙ සිදුවිම අපූරුයි.ඒත් නුහුරුයි.බොහෝ වෙලාවට ඉසව්ව,ඒ ගැන මාධ්‍ය දැනුවත් කිරීම වැනි කාරණා ආදි සියල්ල සිද්ධ වෙන්නෙ මාසයකට අඩු කාලයකින්.ඒ ආකාරයට බලන කොට මේ මාධ්‍ය හමුව හරිම වැදගත්.ඒ වැදගත්කම ගැන අදහස් දක්වමින් එහි සුවිශාල වගකීමකට උර දෙන හිරාන් ඩි මෙල් පැවසුවේ ප්‍රශ්නය පැන නැඟෙන තෙක් උත්තරයක් නොසිතූ ප්‍රශ්නයක් බවයි.එහෙත් ඉතා ඉක්මණින් මේ ලෝක කුසලානය වෙනුවෙන් පිරිනැමෙන කුසලාන තැනෙන බවත්,ඒවා නුදුරේදීම ඩුබායි රාජ්‍යයේදී ප්‍රදර්ශනය කෙරෙන බවත්,සැප්තැම්බර් මාසය වන විට එම කුසලාන නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවලත් සංචාරය කර ශ්‍රී ලංකාවට පිවිසීමට නියමිත බවත් ඔහු පෙන්වා දුන්නා.
මේ ලෝක කුසලානය පැවත්වෙන්නේ ලෝක ගෘහස්ත ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්.ඒක එක් ලෝක කුසලානයක් හැටියට හඳුන්වන්නත් බැහැ.පොකුරක්.කාන්තා,පිරිමි පමණක් නෙමෙයි කාන්තා සහ පිරිමි ලෙස අවුරුදු 22 න් පහළ තරග කාණ්ඩ දෙකකුත් ඊට ඇතුළත් වෙනවා.සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 5 දා දක්වා තලවතුගොඩ ඔස්ට්‍රේසියා ගෘහස්ථ ක්‍රිකට් පිටියේ පැවත්වීමට නියමිත මෙම තරගාවලියට ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන රටවල් සියල්ලම සහභාගි වන්නට නියමිතයි.ඒ අනුව සමහර විට ඇමෙරිකාව වයස් කාණ්ඩ දෙකට කණ්ඩායම් ඉදිරිපත් කරන්නට යම් පැකිලීමක් පෙන්වුව ද,නවසීලන්තය,ඔස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව,ඉන්දියාව,එංගලන්තය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සිංගප්පූරුව වැනි පැරණි රටවල් කණ්ඩායම් හතරම සහභාගි කරන්නට නියමිතව තිබෙනවා.
ඒ ආකාරයට ගත් විට මේ තරගාවලියට පැමිණෙන විදේශිකයන් ප්‍රමාණය 1000 ක් ලෙස නිර්වචනය කළ හැකියි.එහි අදහස තරගාවලිය පැවත්වෙන දින ගණන වගේම ඔවුක් ලංකාව තුළ භාවිතයට ගත හැකියි සිතන විදේශ මුදල් ප්‍රමාණය ආකාර කිහිපයකින් අපේ රටේ ආර්ථිකයට යහපත් බලපෑමක් වන බවයි.ඒ ආකාරයෙන් බලන විට මේ වැඩේට ආණ්ඩුවට සම්මාදම් වෙන්න වගකීමක් තියෙනවා.ඒත් නාමල් රාජපක්ෂගෙ ජාතික ක්‍රීඩා සභාවෙ හිටිය සභාපති මහේල ජයවර්ධන එකල කරපු යෝජනාවක් හැටියට ගෘහස්ත ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් යටතේ පැවතිය යුතුයි.සමහර විට මහේලල,සනත්ලත් ලංකාවෙ මුල්ම කාලෙ වගෙ ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාවෙ යෙදුණු අය හැටියට ඒ ගැන බරක් තියන්න අදහසක් ඇතුව මේ කතාව කිව්වා වෙන්න පුළුවන්.
හැබැයි ලංකාවෙ ක්‍රිකට්වල දෘශ්‍යාබාධිත,ශ්‍රවණාබාධිත වැනි ක්‍රිකට් ආකෘති වෙනම සංවිධාන හැටියට තියෙනවා.ඒවා දිහා ක්‍රීඩා අමාත්‍යංශය සිය අවධානය යොමු කරනවා.ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ආධාර උපකාර ලැබෙන්නට හැකි මැදිහත්වීමකුත් කරනවා.මෙවැනි අදහසකින් ක්‍රීඩා අමාත්‍යංශ්‍යට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ගෘහස්ත ක්‍රිකට් සමඟ මුහුවෙන්න අවස්ථාවක් මේ වැඩේ ඇතුළෙ හදාගන්න පුළුවන්.රටේ වෙන හොඳ දෙයක් දැන ගත්තම ක්‍රිඩා අමාත්‍යංශයේ දේශපාලන නායකත්වයට හෝ පරිපාලන ප්‍රධානීන්නට ඔවුන්ව දුක කියන්න දොරකඩ රස්තියාදු වෙන දුගියන්ගෙ ගාණට නොදා,හොයලා බලලා එන්න කියලා උදව් කරන්න පුළුවන් පාරක් හදා දෙන්න පුළුවන්.එහෙම වුණාම තමයි රටේ ක්‍රීඩාව පාලනය කරන ප්‍රතිපත්ති හදන මිනිස්සු ගැන කේෂ්ත්‍රෙය ඉන්න අයට මා වැනි බිළින්දා වැනි වර්ණාත්මක ගායනා මතක් වෙන්නෙ.
එසේම මෙම අවස්ථාවට එක් වූ යු ප්රෝ කළමණාකාර අධ්‍යක්ෂ මනීෂ් කිශෝර් සිය අත්දැකීම් හරහා ලෝකයේ ජාතික කණ්ඩායම්වලට සම්බන්ධිත,ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලි සහ එයින් අත්දැකීම් ගත් ලෝක ප්‍රකට ක්‍රීඩකයින් ගැන පෙන්වා දුන්නා.තුන් ඉරියව්වෙන්ම දක්ෂතා ඇති ක්‍රීඩකයෙකු වීමේ අත්‍යවශ්‍යය ගුණාංගය මෙන්ම තරගයකදී කණ්ඩායමකට ඇති පන්දු වාර 16 ට එම කණ්ඩායම අනිවාර්යෙන් මුහුණ දීම අවශ්‍යය වීම නිසාත්,තරගය විවෘතව පැවතීමේ තත්ත්වය ද අවසන් මොහොත දක්වාම ගෘහස්ත ක්‍රිකට් තරගයක ඇති උද්වේගකර බවට හේතු වශයෙන් ඔහු පෙන්වා දුන්නා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ හිටපු ගෘහස්ත ක්‍රිකට් ශ්‍රී ලංකා නායකයා මෙන්ම වත්මන් පුහුණුකරු ද වන අසේල පතිරණ දැවී යාමකදී සෘන ලකුණු වැටෙන නිසා විශාල ලකුණු ප්‍රමාණයක් ලැබීම ඕනෑම මොහොතක වෙනස් විය හැකි බවත්,ඒ නිසා සෑම විටම සෑම ක්‍රීඩකයෙක්ම ඉහළ මට්ටමෙන් තරගයට ක්‍රීඩා කිරීමේ අවශ්‍යයතාවයත් පැහැදිළි කළා.තරගයෙන් වියුක්තව තුන් ඉරියව්වෙන්ම හුස්ම ගැනිමට හෝ ඉඩක් නොලැබෙන වපසරියක කාන්තා ගෘහස්ත ක්‍රිකට් හා සම්බන්ධ වූ ජාතික කණ්ඩායමේ ඩිලානි මනෝදරා වැනි ක්‍රීඩිකාවන් රාශියක් ගැන කාන්තා ක්‍රිකට් භාරව කටයුතු කරන මනෝරි කොඩිතුවක්කු අදහස් දැක්වූවා.
ඉතිහාසයේ සෑම විටම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය තුළ පෙරළිකාරී සහ පුමුඛ පෙළේ කණ්ඩායමක්ව සිටිම සිහිපත් කළ අසේල,එක් අවස්ථාවක තරගයේ අවසන් පන්දුවට ලකුණු පහක් අවශ්‍යයව සිටි මොහොතක ඔස්ට්‍රේලියාවට එරෙහිව සංජීව ජයරත්න එල්ල කළ හයේ පහර ද සිහියට නැඟුවා.ඒ මොහොතේ ඔස්ට්‍රේලියා කණ්ඩායම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ 68 ට පසුව පරාජය වෙත කැඳවාගෙන යාමට සංජීව ජයරත්නගේ එම හයේ පහරට හැකි වූ බව ද පෙන්වා දුන්නා.
අලුත් පරම්පරාවට ආරාධනයක්
මෙහිදී අලුත් පරම්පරාව වෙනුවෙන් බොහෝ පාසල් මට්ටමෙන් ගෘහස්ත ක්‍රිකට් පුහුණු ස්ථාන ඉදිවෙමින් පැවතීම මෙන්ම නිතරග සමයට එම ඉඩවල් ගෘහස්ථ ක්‍රිකට් සඳහා වෙන් කර ගැනීමට හැකි ලෙස සකස් කර ගැනීම ද එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු ලබා ගැනීමට අවස්ථාවක් බව ද මාධ්‍ය මතු කළ අදහස අගයමින් හිරාන් ඩී මෙල් ප්‍රකාශ කර සිටියේ එවැනි අවස්ථාවකට උපකාර කරන්න තාක්ෂණික සහ ඉදිකිරීම් දක්වා උපදෙස් දෙන්න පුහුණුව දෙන්න ගෘහස්ථ ක්‍රිකට් අත්දැකීම් ඇති විශාල පිරිසක් සිටින බවයි.
මේ තරගාවලිය වෙනුවෙන් විශේෂයෙන් අවුරුදු 22 න් පහළ අලුත් සොයා ගැනීම් කරා යන්නට ද ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් බලාපොරොත්තු වෙනවා.ඒ නිසා යම් දක්ෂතා ඇති තුන් ඉරියව් ක්‍රිඩකයෙකු හෝ ක්‍රීඩිකාවක වේනම් පුහුණුවට සම්බන්ධ වී අවස්ථාවක් වෙන් කර ගැනීමටත් ඉඩ තිබෙනවා.එවැනි අයෙකුට මේ ලියුම්කරුට ([email protected]) වෙත දත්ත ඉදිරිපත් කළහොත් සම්බන්ධතාවය ලබා දිය හැකි අතර නැතිනම් ශ්‍රී ලංකා ගෘහස්ත ක්‍රිකට් සංගමය වෙත 0767 732506 ට අමතා තොරතුරු ලබා ගැනීමට ද අවස්ථාව ඇත.
රටට ජයග්‍රහණ කරා යා හැකි ක්‍රීඩාවක් එම කීර්තිය අපේක්ෂා කළ හැකි නිසාම මෙන්ම මේ මොහොතේ හඬා වැටෙන රටකට විශාල ශක්තියක් විය හැකි විදේශ මුදල් ප්‍රමාණයක් එකතු කරන අතරේම රට ගැන ආකර්ශණයක් ලෝකයට ඇති කළ හැකි මොහොතක,අපි එයට හදවතින්ම සුබ පතමු.අලුත් සංස්කෘතික සටහනක් ගෘහස්ත ක්‍රිකට් වෙනුවෙන් තැබිය හැකි තැනකට අනාගතය ගෙන යන මොහොතක් අපේක්ෂාවෙන් පෙර මඟ බලමු.




