*
Monday, March 31, 2025
spot_img

Latest Posts

ගුවන ඉහළට එසැවූ ක්‍රීඩා තරු ඇගයේ

නිශ්මං රණසිංහ මාර්තු 27 කොළඹ LNW :

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 2024/2025 වර්ෂයන්හීදී ජාතික හා ජාත්‍යන්තර තරඟයන්ගෙන් ලැබු තරඟ ජයග්‍රහණයන් ඇගයීම වෙනුවෙන් ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලය විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයිමේ උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහගේ ප‍්‍රධානත්වයෙන් අද දින (2025 මාර්තු මස 26 වන දින) ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණ.

මෙහිදී 2024/2025 ආරක්ෂක සේවා ශූරතාවයන් හා 2024 ජාතික ශූරතාවයන් යන ද්විත්වයම ජයග්‍රහණය කල කාන්තා මල්ලවපොර කණ්ඩායම, කාන්තා වොලිබෝල් කණ්ඩායම, 2024 ජාතික ශූරතාවන් ජයග්‍රහණය කල කාන්තා බොක්සිං කණ්ඩායම, කාන්තා ජූඩෝ කණ්ඩායම, 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරියේ කාන්තා පාපැදි කණ්ඩායම, 2024/2025 ආරක්ෂක සේවා ශූරතාවන් ජයග්‍රහණය කල කණ්ඩායම් හා ක්‍රීඩකයින්, කාන්තා හෑන්ඩ්බෝල් කණ්ඩායම, දුනු විදීම පිරිමි කණ්ඩායම, දුනු විදීම කාන්තා කණ්ඩායම, ටයිකොන්ඩෝ කාන්තා කණ්ඩායම, බර ඉසිලීම් කාන්තා කණ්ඩායම, ස්කොෂ් පිරිමි කණ්ඩායම, වොලිබෝල් පිරිමි කණ්ඩායම, නෙට්බෝල් කාන්තා කණ්ඩායම, ගොල්ෆ් කාන්තා කණ්ඩායම හා 2024 ඉන්දියාවේ පැවති ආසියානු නෙට්බෝල් තරගාවලියේ අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිමානයක් එක්කල ක්‍රෝප්‍රල් රෂ්මි පෙරේරා ඇතුළු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 184 දෙනෙක් සඳහා ගුවන් හමුදාපතිතුමන් විසින් මුදල් ත්‍යාග හා කුසලාන පිරිනමින් ඇගයිමට ලක් කරන ලදි.

තවද උපාය මාර්ගික ක්‍රමෝපායන් නිසි ලෙස ක්‍රියාත්මක කොට, ජයග්‍රහණයන් විජයග්‍රහනයන් බවට පත් කරමින් ගුවන් හමුදාවේ ක්‍රීඩා ජයග්‍රහන සඳහා උරදුන් පුහුණුකරුවන් වන මල්ලවපොර සංචිතයේ පුහුණුකරු සැරයන් වසන්ත කුමාර වොලිබෝල් කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ක්‍රෝප්‍රල් නිලංග රුක්ෂාන් බොක්සිං සංචිතයේ පුහුණුකරු සම්පත් ජයතිලක හා ජූඩෝ සංචිතයේ පුහුණුකරු වන පල්ලියගුරුගේ සුනිල් හටද ගුවන් හමුදාපතිතුමන් විසින් මුදල් ත්‍යාග හා කුසලාන පිරිනමින් ඇගයිමට ලක් කරන ලදි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan