වාසනාට වාසනාව නැති වෙයි

Date:

නිශ්මං රණසිංහ මාර්තු 27 කොළඹ LNW :

ජෝර්දානයේ අම්මාන් හී පැවත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ මල්ලවපොර තරගාවලිය වෙනුවෙන් කාන්තා කිලෝ ග්‍රෑම් 50 බර පංතිය යටතේ සහභාගි වූ නිපුනි වාසනා ධර්මදාසට පදක්කමක් ගැන පලාපොරොත්තු අත් හැර ගන්නට සිඳු වුණා.


ඇය සහභාගි වූ පළමු තරගයේදී පිලිපීනයේ 25 හැවිරිදි ජයාහ් පින්ගොට් සමඟ සම ලකුණු සහිතව නිමා කළත්,වැඩි දක්ෂතා දැක්වීම නිසා එහි ජයග්‍රහණය 19 හැවිරිදි නිපුනිට ලබා දුන්නා.ඇය අර්ධ අවසන් පූර්ව තරගයේදී චීනයේ යූ ෂෑන්ග්ට 4-0 ක් ලෙස පරාජය වුණා.නිපුනි පරාජය වූ යූ ෂෑන්ග් අවසාන තරගයේදී රන් පදක්කම වෙනුවෙන් සටන් කරන්නට පෙරට ආ නිසා නිපුනිට තවත් අවස්ථාවක් උරගා බලන්නට අවස්ථාව පැමිණි අතර ලෝකඩ පදක්කමට මෙ‘පිටින් හමුවන එම අවස්ථාවේදී නිපුනි,සත්කාරක ජෝර්දානයේ මුන්ක්නර් බේම්බාසුරේන් ඉදිරියේ ලකුණු 5-0 ක් ලෙස පරාජයට පත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...