*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/27

  1. අයවැය සහාය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වසර 04 ක් සඳහා ලබා දුන් ඇ.ඩො. බිලියන 2.9 ණය පහසුකම සම්පූර්ණයෙන්ම භාවිතා කිරීමට රජයට හැකි බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි – බදුවල සංශෝධනයක් සිදුකරන්නේ නම් ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය පළමුව ලබා ගත යුතු බවත්, ශ්‍රී ලංකාවේ අන් කිසිඳු පාර්ශවයකට ඒ සඳහා බලය හිමි නැති බවත් පිළිගනියි.
  2. “වෙළඳ කටයුතු” සඳහා, ඇ.ඩො. බිලියන 01 කට සමාන මුදල් ප්‍රමාණයක් ඉන්දියානු රුපියල්වලින් මහ බැංකු ස්වප් (SWAP) පහසුකමක් ලෙස ලබා ගැනීමට රජය ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව රජයේ උපදේශක ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි – මහ බැංකු ස්වප් පහසුකම් කෙටි කාලීන බවත් ඉන් සැලකිය යුතු ප්‍රයෝජනයක් නොලැබෙන බවත් ඔහු විසින් මීට ඉහත පවසා තිබිණි – කුමාරස්වාමි මීට ඉහත මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අතර, එක්සත් ජනපදයේ වෙළඳ ආශ්‍රිත වංචනික ක්‍රියාවලට වරදකරුවකු වූ රාජ් රාජරත්නම්ගේ උපදේශකයකු ලෙස ද කටයුතු කර ඇති බව වාර්තා වේ.
  3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් කාලය තුළ, ශ්‍රී ලංකාව එක්සත් ජනපදය සහ යුරෝපා කලාපවලට ඇ.ඩො. මිලියන 2,533 ක මුදලක් ණය ලෙස ලබා දීමට නියමිත බවට නිල ලේඛනවල දැක්වෙයි – මෙම ණය අතර, අපනයන සහ ප්‍රේෂණවලින් මහ බැංකුව එකලස් කර ගැනීමට අපේක්ෂා කරන ඇ.ඩො. බිලියන 1.4 ක අනිවාර්ය මුදල ඇතුළත් වෙයි – 2023 මාර්තු සහ සැප්තැම්බර් යන මාසවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත වන්නේ ඇ.ඩො. මිලියන 331.2 බැගින් වූ වාරික දෙකක් පමණි.
  4. වෘත්තීය සමිතිවල වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා රජයේ නිලධාරීන් ඔවුන් විශ්‍රාම යන තුරු ම නිදහස් කළ හැකි බව ජනාධිපතිගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති සමන් රත්නායක පවසයි – තමා 2000 වර්ෂයේ සිට ම ගුරුවෘත්තියේ නියැලුනේ නැති වූව ද, රජයෙන් වැටුපක් ලැබූ බව ලංකා ගුරු සංගමයේ මහ ලේකම් මහින්ද ජයසිංහ පිළිගනියි.
  5. විදේශ විනිමය, විදේශ සංචිත සහ උද්ධමනය බලපෑමක් සිදු නොවන්නේ නම්, එළඹෙන මාස 04 තුළ භාණ්ඩ 100 – 150 කට පමණ පැනවූ ආනයන සීමා ඉවත් කර දැමීමට රජය කටයුතු කරනු ඇති බව භාණ්ඩාගාරයේ ජෙෂ්‍ය්ඨ නිලධාරීහු පවසති – කෙසේවෙතත්, වාර්ෂිකව අවම වශයෙන් ඇ.ඩො. බිලියන 02 පමණ රටට අහිමි කරන සහ විදේශ සංචිතවලට බලපෑමක් එල්ල කරන වාහන ආනයන වෙත පැනවූ සීමා එලෙසම පවතිනු ඇති බව ද පවසති.
  6. නීති වෘත්තියේ ක්‍රියාදාමයට මඟ පෙන්වීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය අත්‍යාවශ්‍ය බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය පවසයි – නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතීඥ කෞෂල්‍ය නවරත්න තේරී පත්වූ එම සංගමයේ 49 වන වාර්ෂික සම්මේලනයට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසුවේය.
  7. භාණ්ඩාගාරය යටතේ තබාගෙන සිටි ඉන්ධන පිරවුම්හල් 450 පමණ දේශීය ඉන්ධන වෙළඳපොලට ඇතුල් වීමට නියමිත ජාත්‍යන්තර ගැනුම්කරුවන් තිදෙනෙකු වෙත ලබා දීමට රජය සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි – මේ සඳහා “පිරවුම්හල් 150 ක” කලාප වෙන් කිරීමට නියමිත ය.
  8. ඉකුත් සතියේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ඒකකයක් බිඳ වැටීමෙන් පසු, රටේ විදුලි අවශ්‍යතාවය සැපිරීම සඳහා තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය බැවින් ඒ සඳහා දිනකට රු. මිලියන 800 ක පමණ අතිරේක ඉන්ධන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම් බව වාර්තා වේ – මෙම මුදල මීට ඉහත සැලසුම් කළ මුදලට වඩා රු. මිලියන 200 කින් ඉහළ ය.
  9. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල “දෙබිඩි ප්‍රකාශ” සිදුකරන බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කරයි – ශ්‍රී ලංකාවට ඇ.ඩො. බිලියන 2.9 ක ණයක් ලබා දීම ආරම්භ කළේ කුමන සහතිකයක් මතදැයි විමසා සිටියි – ජනතා වරමක් නොමැතිව බලයට පත් වත්මන් ආණ්ඩුව ණය පහසුකමට අදාළ බැඳීම්වලට ගරු කිරීමට අසමත් වනු ඇති බව ද කියා සිටියි.
  10. “ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්” සිදුකළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අවධාරණය කර සිටීම සමඟි ජන බලවේගයේ පා.ම හර්ෂ ද සිල්වාගේ අවධානයට ලක්වෙයි – රු. ට්‍රිලියන 14 ක අතිවිශාල දේශීය ණය මුදලින් වැඩි ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදල සහ ජනතාව විසින් අපහසුවෙන් උපයාගත් මුදල් බැර කර තිබෙන දේශීය බැංකු විසින් දරා සිටින බව ද පවසයි – හර්ෂ ද සිල්වා යනු, මේ දක්වාම ණය පැහැර හැරීම සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීම වෙනුවෙන් දැඩිව පෙනී සිටි සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන වෙනුවෙන් මහත් සේ සහාය දැක්වූ පුද්ගලයෙකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan