හඹායාමේ හැකියාව දකුණු අප්‍රිකාව යළි පෙන්වයි.

Date:

සටහන – නිශ්මන් රණසිංහ

ජාත්‍යන්තර එක්දින තරගවලදී වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා යමින් ජයග්‍රහණය කිරීමේ වාර්තාව හිමි දකුණු අප්‍රිකාව ඊයෙ යළිත් විස්සයි විස්ස කණ්ඩායමක් විසින් සිඳු කළ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා යමින් ලද ජයග්‍රහණයේ වාර්තාවද තමන් නතු කර ගත්තාය.ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය.
කලක් ලොව භයානකම පන්දු යැවීමේ බල ඇණිය සතුව සිටි බටහිර ඉන්දිය කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ඉදිරියේ එවකට පැවති කුමනාකාරයේ ක්‍රිකට් තරගයක් හෝ ජය ගැනිම ප්‍රතිවාදීන්ට සිහිනයක්ව පැවතිණ.එවැනි වටපිටාවක කීර්තය සහිත ඉතිහාසය හොඳින්ම පාරා දැමූ දකුණු අප්‍රිකානු පිතිකරුවෝ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන්ගේ කීර්තිය කිතු කරමින් ඊයේ පන්දු ඕවර 18 .5 ක් තුළ කඩුලු 4 ට ලකුණු 259 ක් ලබා ගැනීමට සමත් විය.ඒ කොදෙව් ක්‍රීඩකයින් පන්දු ඕවර් 20 ක් තුළ කඩුලු 5 ක් දැවී ලබා ගත් ලකුණු 258 ට පිළිතුරු වශයෙන්ය.

මීට පෙර හඹාගොස් ජය ගැනීමේ එක්දින තරග වාර්තාව දකුණු අප්‍රිකාව දිනා ගත්තේ හර්ෂල් ගිබ්ස් දියත් කළ සිත්පිත් නැති ප්‍රහාරයේ ආශිර්වාදය ඇතුව ඕස්ට්‍රේලියාවට එරෙහිවය.එහිදී ගිබිස් පන්දු 111 දි ලැබූ ලකුණු 175 සහ ඊට සහයෝගය දෙමින් එවකට නායකයාව සිටි ග්‍රෙහැම් ස්මිත් පන්දු 55 න් ලැබූ ලකුණු 90 ත්,මාක් බවුචර් පන්දු 43 න් එක් කළ ලකුණු 50 ත් සමඟ දකුණු අප්‍රිකාවය ඕස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 434 වෙනුවට ලකුණු 438 ක් ලබා ගන්නට හැකි විය.ඒ පන්දු ඕවර් 49.5 ක් තුළදීය.මුලින් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් රිකි පොන්ටින් පන්දු 105 න් රැස් කළ ලකුණු 164 නිසා පන්දු ඕවර් 50 නිමාවන විට ඕස්ට්‍රේලියා ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 434 ක් දක්වා දුර ගියේය.ඇඩම් ගිල්ක්‍රිස්ට් (55),සයිමන් කැටිච් (79) සහ මයිකල් හසේ (81) රැස් කළ වේගවත් අර්ධ ශතක ද සමඟ එතරම් දුර ගිය ලකුණු ප්‍රමාණය හඹා යාම සඳහා අවසන් කඩුල්ල දක්වාම සටන් කරමින් දකුණු අප්‍රිකාව ලද ජය කණ්ඩායම් හැඟිම සම්බන්ධයෙන් අපූරු ප්‍රකාශනයක් විය.සියල්ලම ජයග්‍රහණය වෙනුවෙන් තමන්ට හැකි උපරිමට කරන්නට උත්සාහ ගත් දකුණු අප්‍රිකානුවන්ගේ එවකට පැවති අපූර්වත්වය කියා පාන්නට පහතින් එම ලකුණු පූවරුවට පිවිසිය හැකි සබැඳතාවය සටහන් කර ඇත.

https://www.espncricinfo.com/series/australia-tour-of-south-africa-2005-06-212912/south-africa-vs-australia-5th-odi-238200/full-scorecard

නමුත් ඊයේ විස්සයි විස්ස ලකුණු හඹා යාමේදී දකුණු අප්‍රිකාවට ලකුණු 258 හඹා යාමට එතරම් වෙහෙසක් නොවිණ.දැවී ගියේ කඩුලු හතරක් පමණි.පන්දු 44 දි ලකුණු 100 ක් රැස් කර ක්වෙන්ටම් ඩි කොක් ආරම්භක කඩුල්ල සඳහා පන්දු 10.5 වෙද්දී රීසා හෙන්ඩ්රික්ස් (පන්දු 28 – ලකුණු 68) සමඟ ගොඩ නැඟූ සබඳතාවය ලකුණු 152 ක් විය.ඕවරයකට ලකුණු 15 ආසන්න එම සබඳතාවය නිසා ඉතිරි කඩුලු නවය සමඟ පන්දු ඕවර් 9.1 තුළ ඔවුන්ට රැස් කරන්නට ඉතිරිව තිබුණේ ලකුණු 107 ක් පමණි.රයිලි රොසොව් මුහුණ දුන්නේ පන්දු 4 ට වුව එයින් ලකුණු 16 ක් රැස් කළේය.ඒඩ්න් මාක්රම් පන්දු 23 දි ලකුණු 38 ක් නොදැවී එක් කරමින් අවසාන භාගයේ නායකත්වයේ වගකීම ජයග්‍රහණයක් බවට පත් කරන්නට සමත් වූයේ තවත් පන්දු 7 ක් ඉතිරිව තිබියදි ය.

කොදෙව් ඉණිම වෙනුවෙන් පන්දු 48 දි ලකුණු 118 ක් රැස් කරන්නට ජොන්සන් චාර්ල්ස් සමත් විය.කයිල් මේයර්ස් එම ඉණිමට පන්දු 27 න් ලද ලකුණු 51 න් දායක වූ අතර රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 18 න් නොදැවී ලද ලකුණු 41 න් දායක විය.තරගයේ වීරයා ලෙස ක්වෙන්ටම් ඩි කොක් සම්මානනීය වූ අතර එම ඓතිහාසික කරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකිය.තරග 3ක් ඇතුළත් වෙන මෙම තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙක එක තරගය බැඟින් ජයගෙන සම තත්ත්වයේ පසු වෙයි.

https://www.espncricinfo.com/series/west-indies-in-south-africa-2022-23-1339568/south-africa-vs-west-indies-2nd-t20i-1339605/full-scorecard

ඡායාරූපයේ දැක්වෙන්නේ තරගයේ වීරයා වූ ක්වෙන්ටම් ඩි කොක් ලකුණු රැස් ක ආකාරය ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය