*
Friday, March 29, 2024
spot_img

Latest Posts

අඩු ආදායම් ලාභීන්ට සහල් කිලෝ විස්සක්; හම්බන්තොට සියයට පනස් දෙකක්ම අඩු ආදායම් ලාභීන් ලු. රාජපක්ෂලාගේ සංවර්ධනය ද මේ?

රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන දැන් අරඹා ඇත.අඩු ආදායම් ලාභී පවුල් විසි අට ලක්ෂ පනස් දහසකට මාර්තු, අප්‍රේල් මාසවල දී සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මෙම සහල් ලබා දීමට නියමිත ය. මුල දී පවුල් ලක්ෂ 20කට මෙම සහල් සහනාධාරය දීමට සැලසුම් කර තිබුණත් රට තුළ ශීඝ්‍රයෙන් ඉහළ නැංවී ඇති දිළිඳු බව අනුව පසුව එය ලක්ෂ 29ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.

මෙවර මහ කන්නයේ දී රජය වී මෙට්‍රික් ටොන් 61,300ක් මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබිණි.එහි පළමු අදියර යටතේ රුපියල් බිලියන 10ක් වෙන් කළ අතර මෙම වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් නොව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සෘජුවම සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු යොදන ලදී . එහෙත්,පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් (28 50,000) සඳහා සහල් ලබා දීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20 ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙස ද පසුව ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණි. දේශපාලනඥයන්ගේ මැදිහත් වීමකින් තොරව අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේ දී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.එමෙන්ම සමාජ සුබසාධක ආරක්ෂණ ජාලය ස්ථාපිත කිරීමට බාධා කරන කඩාකප්පල්කාරී ක්‍රියාවලට කිසිඳු ඉඩක් නොතබා මාර්තු 31 වන දා වන විට මෙම කටයුතු අවසන් කළ යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද ප්‍රකාශ කොට තිබේ.ඒ අනුව මාර්තු අප්‍රියෙල් මාස දෙක තුළ අඩු ආදායම් ලාභී පවුල් සඳහා සහල් කිලෝ විස්සක ප්‍රදානයක් හිමි වන අතර එහි මූල්‍යමය වටිනාකම රුපියල් හතලිස් දහසක් පමණ වනු ඇත.

මෙම ක්‍රියාවලියේ පළමු කටයුත්ත ගොවීන්ගෙන් වී තොග මිලදී ගැනීම ය. වී තොග මිලදී ගැනීමේ කාර්යය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට භාර දී ඇත්තේ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය සම්බන්ධයෙන් රජය තුළ පවතින විශ්වාසය නිසා ය..එමෙන්ම දිස්ත්‍රික් ලේකම් වරයාගේ සිට ග්‍රාම නිලධාරී වරයා දක්වා මේ සම්බන්ධයෙන් දක්වන කැපවීම රජය අපේක්ෂා කරයි.එහෙත්, ඇතැම් රාජ්‍ය නිලධාරීන් මෙම අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදීමේ සමාජ සුබසාධක ආරක්ෂණ ක්‍රියාවලිය දකිනුයේ “රෝගීන් පිරිසක් ලවා තවත් රෝගීන් පිරිසකට ප්‍රතිකාර කිරීමට දරන උත්සාහයක්” ලෙසිනි.ඔවුන් පවසන අන්දමට රජයේ සේවයෙන් හමන් ගන්නා වැටුප මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වත් ප්‍රමාණවත් නැත.

නමුත් මේ වැඩසටහන ඉදිරියට ගෙන යාම පිණිස නිවැරදි දත්ත ලබා ගැනීම සඳහා ග්‍රාමීය මට්ටමින් රාජ්‍ය නිලධාරීන් ඉදිරිපත් නොවන්නේ නම් කොන්ත්‍රාත් පදනම යටතේ කණ්ඩායමක් බඳවා ගෙන හෝ දත්ත එක් රැස් කිරීමේ කටයුතු කඩිනම් කළ යුතු බව රජයේ අදහසය.විශ්‍රාම ලැබූ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාව ද මෙහි දී විමසා බැලෙනු ඇත.ඒ අතර මේ සඳහා පූර්ණ කාලීනව යෙදවීමට කණ්ඩායමක් අවශ්‍යව ඇති බැවින් ඒ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් නිදහස් කර ගැනීමට ආරක්ෂක අංශ සමඟ පැවැත්වු සාකච්ඡාවේදී එකඟත්වය පළ වී තිබේ.

මෙම සහල් සහනාධාරය ඉල්ලා සිටීමේ දී රාජපක්ෂ පවුල විසින් දේශපාලන බලය තහවුරු කරගෙන හිඳින හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත පවුල් වලින් සියයට 52ක් මෙම නොමිලයේ දෙන සහල් ඉල්ලා තිබීම විශේෂත්වයකි. රාජපක්ෂලාගේ මහා පරිමාණ සංවර්ධනය හම්බන්තොට ජනතාවගෙන් හරි අඩකටත් වැඩි පිරිසකගේ සාගිනි නිවීමට වත් සමත් ව නැත.ඒ අනුව රාජපක්ෂලා දකුණට උදා කළ සංවර්ධනය ඔවුන්ට පමණක් සීමා වූ ගජ මිතුරු( Cronyism )සංවර්ධනයක් බවට සමාජයෙන් එල්ල වන චෝදනාව “ගෙඩිය පිටින්” ඉවත හෙළන්නට අපට නොහැක.හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබා දීම අද( 27) අගුණකොළපැලැස්ස හා වීරකැටියේ දී සිදු කෙරේ.ඒ අනුව එහි දිළිඳු ජනතාව රාජපක්ෂලාට පින් දෙමින් ඒ සහල් රැගෙන ගොස් ලුණු කැඳ සාදා බොනු ඇත්දැයි අපි නොදනිමු.ඒ රාජපක්ෂ පවුලේ ඊනියා “කුමාර වරුන්” හමුවේ පවා දනින් වැටීමට තරම් අසරණ බවකින් යුතු යම් පිරිසක් තවමත් එහි හිඳින බැවිනි.යල් පැනගිය වැඩවසම්වාදී දේශපාලන චින්තයක් ඔස්සේ තමන් ගේ දේශපාලන යහපැවැත්ම අපේක්ෂා කරන රාජපක්ෂ පවුල හා දේශපාලන දීගයක එන්නට නව ලිබරල් වාදියකු වන ජනපති රනිල් වික්‍රමසිංහඑකඟ වීම සම්බන්ධයෙන් අපට කීමට යමක් තිබේ.ඒ “පුදුමයි;ඒත් ඇත්තයි” යන්න ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ සහාය මත දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සුදුසුකම් ලැබූ අයට සහල් බෙදාහැරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් විය යුතු අතර වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සිදුකරන අනවශ්‍ය බලපෑම්වලට ඉඩ නොතැබීම කෙරෙහි ද රජයේ අවධානය හිමි විය යුතු ය. එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබා දෙන මෙම ප්‍රදානය “ සහන සහල්” ලෙස නම් කර ඒවා නැවත විකිණීමට නොහැකි වන ලෙස කටයුතු කිරීම ද ඉතා වැදගත් සේම අසීරු කටයුත්තකි.ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කොට ඔවුන් වෙත වගකීම් පැවරීම ඉතා වැදගත් වනු ඇත.නො එසේ නම් පසුගිය කාලයේ රටේ වත් නොතිබුණු රසායනින පොහොර ටොන් ගණන් දේශපාලනඥයන් ගේ නිවෙස් වල ගබඩා වලින් මතු වීම් වැනි තත්වයන් මෙවර ද අසන්නට ලැබෙනු ඇත.

හේමන්ත රන්බණ්ඩාර (විනිවිද)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan