ග්‍රීක් බොන්ඩ් ගණුදෙනුව ගැන හිටපු මහ බැංකු අධිපති ඇතුළු පහකට අල්ලස් කොමිසමෙන් නඩු!

කොළඹ LNW:ග්‍රීසිය බංකොලොත් වන බව දැන දැනම, ග්‍රීක බැදුම්කර මිලදී ගැනීම සදහා රුපියල් ලක්ෂ දහ අට දහස් හාරසිය තිස් තුනක (රුපියල් ලක්ෂ 18,433) මුදලක් ආයෝජනය කිරීම සම්බන්ධයෙන්, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අල්ලස් කොමිසමට යොමු කර තිබුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ විසිනි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ග්‍රීක බැදුම්කර මිලදී ගැනීම සදහා එම මුදල වැය කර තිබුණේ 2012 වසරේ දී ය.

ඒ වන විටත් ග්‍රීසිය බංකොලොත්භාවය කරා ගමන් කරමින් සිටින බව දැන දැනම හිටපු මහබැංකු අධිපතිවරයා මෙම ආයෝජනය සිදු කර ඇති බව පැමිණිලිකාර පාර්ශ්වය චෝදනා කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...