*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අවුරුදු සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට!

කොළඹ LNW:බිත්තර, ලොකු ළූණු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අවුරුදු සමයේ අඩු මිලට ජනතාවට ලබා දීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාපැවසුවේය.

මෙරට වෙළෙඳපොලේ රුපියල් 70-75ක පමණ මිලකට ඉහළ යාමට තිබූ බිත්තරයක මිල, රුපියල් 40ක සීමාවේ තිබෙන පරිදි මිල අඩු වූයේ රජය බිත්තර ආනයනය කිරීම නිසා බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කළේය.

අමාතයවරයා මේ බව සදහන් කළේ අද (28) වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

ආණ්ඩුවක් පවතින්නේ වෙළෙඳපොළට මැදිහත් වී මිල පාලනය කිරීම හරහා ජනතාවට සහන සලසා දීමට බවත් ඒ අනුව රජය ඊට මැදිහත් වූ බවත් වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 40ට වඩා අඩුවෙන් පවතින්නේ නම් තවදුරටත් බිත්තර ආනයනය කිරීම අවශ්‍යය නොවන බවත් ඔහු සඳහන් කරන ලදී.

එළඹෙන උත්සව සමය සඳහා කිසිඳු හිඟයකින් තොරව, අඩු මිලකට එළවළු වැනි දේශීය හා ආනයනික භාණ්ඩ ඇතුළු අනිකුත් අත්‍යාවශ්‍යය භාණ්ඩ ලබා දෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන්දියාව හා පාකිස්ථානය ළූණු අපනයනය නතර කිරීමත් සමග චීනය වැනි රටවල් වලින් ළූණු ආනයනයට රජය යොමු වූ බවත්, විකල්ප භාවිතයක් ලෙස රෝස නැමැති මධ්‍යම ප්‍රමාණයේ ළූණු ආනයනය සදහා රුපියල් 80ක්ව පැවැති ආනයනික බද්ද රුපියල් 10ක් දක්වා අඩු කළ බවත් අමාත්‍යවරයා පැවසුවේය.

ඒ අනුව රතු ළූණු කිලෝවක් රුපියල් 200- 210ත් අතර මිලකට, ලොකු ළූණු කිලෝවක් රුපියල් 400-450කට හා රෝස ළූණු කිලෝවක් රුපියල් 300-325ත් අතර මිලකටත් අලෙවි වෙයි.

මේ අතර රජය විසින් සහල් ආනයනය බද්ද අඩු කරනු ලැබුවේ සතියක පමණ කෙටි කාලයකට වන අතර ඒ බලපත්‍ර ලබා දුන් හා මීට පෙර ආනයනය කළ වරායේ තිබූ සහල් සුළු ප්‍රමාණයක් පිටතට ලබා දීමට බවත් ඉන් වෙළෙඳපොළට විශාල බලපෑමක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ඩොලරයේ අගය 300කට පමණ අඩු වී තිබෙන අතර ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම තුළ ඒ වාසියත් ඉදිරියේදී පාරිභෝගිකයාට ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan