(VIDEO):යෝජනාවක් අවොත් ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න මමත් සූදානම්!

Date:

කොළඹ LNW:පුළුල් සන්ධානයේ යෝජනාවක් මත ජනාධිපති අපේක්ෂකත්වය භාරගැනීමේ ඉල්ලීමක් ඉදිරිපත් වූවහොත් තමන් ඊට සුදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

වත්මන් අර්බුද වලට විසඳුම් ලබාදී රට ගොඩනැගිය හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන අතර ඒ සඳහා “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” වැඩපිළිවල පෙබරවාරි 14 වනදා ඉදිරිපත් කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඊට සමගාමීව නව දේශපාලන සන්ධානයක් සඳහා වූ සාකච්ඡා ආරම්භ වී තිබෙන බවත් එහි අරමුණ මැතිවරණ ජයග්‍රහණය නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

ගොඩනගන සන්ධානය විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු නියෝජිතයන් නම් කරන ලැබිය යුතු අතර එහිදී ජනාධිපතිධූරාපේක්ෂකත්වය භාරගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් එම අභියෝගය භාර ගැනීමට සුදානම් බවයි ඔහු අවධාරණය කරන්නේ.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ ඊයේ (27) හෝමාගම දී පැවති ජනහමුවකදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...