සයිනොපෙක් වෙතින් නව ඉන්ධන පිරිපහදුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, කොළඹ (LNW): චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ. එම සාකච්ඡාව ඊයේ (27) කොළඹදී පවත්වා ඇති බව වාර්තා වේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර X පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, සයිනොපෙක් සමාගමේ නියෝජිතයින් පිරිසක් තමාට ඒ බව දැන්වූ බවයි.

නව පිරිපහදුව හම්බන්තොට ස්ථාපනය කිරීමට නියමිත අතර ඊට අදාළ එකඟතා ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට සයිනොපෙක් සමාගම එකඟ වී ඇති බව සඳහන් වේ.

එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය වැඩි කිරීමටත් පිරිපහදුවේ ධාරිතාවය වැඩි කිරීමටත් එකඟ වී ඇති අතර ව්‍යාපෘතිය ජූනි මාසයේදී ආරම්භ කිරීමට නියමිත් බව පැවසේ. එම ව්‍යාපෘතිය සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවූ අතර එහි ආයෝජනය සඳහන් වූයේ ඩොලර් බිලියන 4.5ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...